Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ත්රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක්රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති 38 වැනි වාර්ෂික සීමිත ඕවර ක්රිකට් තරගයෙන් ලකුණු 58 ක ජයක් ලබාගැනීමට ත්රිත්ව විදුහල සමත් විය.
ජයග්රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 130 කට සීමා කිරීමට ත්රිත්ව විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. ශාන්ත අන්තෝනි විදුහලේ ජයග්රාහී මාවත අවහිර කිරීහ සඳහා පුරෝගාමී වූ අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 23 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ත්රිත්ව විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 188 ක් ලබාගත් අතර ත්රිත්ව විදුහල් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අෂාන් ලොකුකැටිය ලකුණු 35 ක් රැස්කළේය.
ත්රිත්ව විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 188
(අෂාන් ලොකුකැටිය 35, චානුක කුමාරසිංහ 31, කවිෂ්ක සේනාධීර 20, නිම්නක ජයතිලක 29/4, ගිහාන් අර්බට් 36/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 130
(චමිඳු වික්රමසිංහ 30, අභිෂේක් ආනන්දකුමාර් 23/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.