Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී පැවැත්වෙන සීමිත ඕවර තරග (එක්දින අන්තර්ජාතික තරග 3 යි, වි-20 තරග 3 යි) සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයන් වශයෙන් කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී සිටී.
“ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග ඍජුව සම්බන්ධ වීම, රටේ ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට පමණක් ප්‍රතිචාර දැක්විය හැකි, විරළ අවස්ථාවක් ලෙසින් සැලකෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් වන කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම් වල අනුග්‍රාහකයන් ලෙසින් වගකීමෙන් ඉදිරිපත් වී සිටිනවා” යැයි කොමර්ෂල් බැංකුවේ, පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හස්රත් මුණසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (25 වැනිදා) වෙලිංටන් නුවරදී ආරම්භ වේ. තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග 3 කි.
කොමර්ෂල් බැංකුවේ පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හස්රත් මුණසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධාණී උපුල් නවරත්න බණ්ඩාර මහතා කණ්ඩායම් අනුග්‍රහය නිවේදනය කළ අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.