Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. අවසන් වරට පැවැති අන්තර් සමාජ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්වූ අතර එහි අනුශූරතාව එන්.සී.සී පිලට හිමිවිය.
සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩා සමාජ 26 ක් තරග වැදීමට සුදානමින් සිටිති.
‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින් ඇතුළත් වන අතර ‘බී’ සහ ‘සී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 බැගින් ඇතුළත් වේ. මූලික වටයේ තරග අතුරින් ඒ ඒ කාණ්ඩයන්හි ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
මූලික වටයේ තරග මාර්තු 24 වැනිදා සිට අප්‍රේල් 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග අප්‍රේල් 7 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග අප්‍රේල් 9 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය අප්‍රේල් 11 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
‘ඒ’ කාණ්ඩය -
ගුවන් හමුදාව, සී.සී.සී, බ්ලූම්ෆීල්ඩ්, යුදහමුදාව, බදුරලිය, බී.ආර්.සී, කැන්ඩ් කස්ටම්ස්
‘බී’ කාණ්ඩය -
රාගම, පානදුර, හලාවත මේරියන්ස්, ගාල්ල, ලන්කන්, නාවික හමුදාව
‘සී’ කාණ්ඩය -
එන්.සී.සී, ද්‍රවිඩ සංගමය, මීගමුව, ඒස් කැපිටල්, නුගේගොඩ, කළුතර නාගරික
‘ඩී’ කාණ්ඩය -
එස්.එස්.සී, සැරසන්ස්, සෙබස්තිනයිට්ස්, කෝල්ට්ස්, මූවර්ස්, පොලිස්, කුරුණෑගල යොවුන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.