Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුපිරි වටයට කණ්ඩායම් 8 ක්

සුපිරි වටයට කණ්ඩායම් 8 ක්

Nisanka Sandeepani - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ වටය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට එන්.සී.සී, හලාවත මේරියන්ස්, ද්‍රවිඩ සංගමය සහ යුදහමුදා කණ්ඩායම් සමත්වූහ. සී.සී.සී, එස්.එස්.සී, සැරසන්ස් සහ කෝල්ට්ස් යන කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

මූලික වටයේ තරග අවසන් වනවිට ප්‍රසාද ලකුණු 78.96 ක් ලබාගත් එන්.සී.සී කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර ප්‍රසාද ලකුණු 85.92 ක් ලබාගත් සී.සී.සී කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.

තරග 6 කට සහභාගිවූ එන්.සී.සී කණ්ඩායම පූර්ණ ජයග්‍රහණ 2 ක් හිමිකර ගැනීමට සමත්වී ඇති අතර තරගය 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. සී.සී.සී. කණ්ඩායම තරග 6 කට සහභාගිවී පූර්ණ ජයග්‍රහණ 3 ක් හිමිකරගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇති අතර තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලිය දෙවැනි වටයේ සිට සුපිරි කණ්ඩායම් 8 අතර සහ පළඟ ශූරතාව ලෙස කොටස් දෙකට බෙදෙනු ඇත.

පළඟ ශූරතාව සඳහා කණ්ඩායම් 6 ක් සුදුසුකම් ලබාගන්නා අතර ‘ඒ කාණ්ඩයෙන් රාගම, වරාය අධිකාරි සහ මූවර්ස් කණ්ඩායම් සුදුසුකම් ලබාගත්තේය. ‘බී’ කාණ්ඩයෙන් බදුරලිය, බී.ආර්.සී සහ මීගමුව යන කණ්ඩායම් සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

හෙට (17 වැනිදා) සිට ආරම්භවන සුපිරි 8 තරගාවලිය සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර අනිද්දා ආරම්භවන පළඟ ශූරතා තරගාවලිය තෙදින තරගාවලියක් ලෙස පැවැත්වේ.


අදහස් (0)

සුපිරි වටයට කණ්ඩායම් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.