Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී වම් අතේ වැලමිටේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්යකුමාර් යාදව්ට මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.
මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්වුවත්, එම කණ්ඩායමේ දිගින් දිගටම ලකුණු අතර සිටි පිතිකරුවා ලෙස යාදව් හැඳින්විය හැකිය. තරග 8 කදී ලකුණු 303 ක් රැස්කිරීමට ඔහු සමත් වූයේ 43.29 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.
එහිදී අර්ධ ශතක 3 ක් ලබගැනීමටද යාදව් සමත් වූ අතර මින් පෙරද තවත් අබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියේ මුම්බායි කණ්ඩායම සහභාගි වූ තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි විය.
මෙවර තරගාවලියේදී සහභාගි වූ මුල් තරග 8 ම පිට පිටම පරාජයට පත්වූ මුම්බායි කණ්ඩායම ඉන් අනතුරුව තරග 2 ක් ජයගැනීමට සමත් විය. කෙසේ වුවත් 5 වරක් අයි.පී.එල්. ශූරතාව දිනා සිටින ඔවුන්ට මෙවර අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.