Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී නිෂේන් ප්‍රනාන්දු (66) සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ක්‍රිෂේන් බණ්ඩාර සහ යෙනාල් හේමචන්ද්‍ර කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රාජකීය විදුහල් ‘බී’ පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 178
(සැනියන් සේනාරත්නාරච්චි 63, සදෙන් අබේගුණවර්ධන 31, නිසිත් ජයසූරිය 27, ක්‍රිෂේන් බණ්ඩාර 29/3, යෙනාල් හේමචන්ද්‍ර 36/3)
සෙබස්තියන් විදුහල් ‘බී’ පිල - ඕවර 40.2 කදී කඩුලු 6 ක් දැවී 182
(නිෂේන් ප්‍රනාන්දු 66, තිහයිෂ මෙන්ඩිස් 42, සජාන් විජේරත්න 20, ඩෑන් යදේෂ් 23/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.