Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හම්බන්තොට පිල දෙවැනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී
ලංකා දහයයි-10 ලීගය

හම්බන්තොට පිල දෙවැනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී

editorial - 2024 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මාවල්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම බවට පත්වීමටද හම්බන්තොට කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 91 ක ඉලක්කයක් හඹාගිය හම්බන්තොට ක්‍රීඩකයෝ ඕවර 7 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ෂෙවෝන් ඩැනියෙල් පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක් රැස්කළ අතර කුසල් පෙරේරා පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, නායක දසුන් ශානක පන්දු 8 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද රැස්කළහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගාල්ල කණ්ඩායමේ නායක මහීෂ් තීක්ෂණ සිය ඕවර 2 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් නමුත් ඔහුට හම්බන්තොට කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීමට නොහැකි විය. සහූර් ඛාන් එහිදී එක් ඕවරයක් යවමින් ලකුණු 09 කට කඩුලු 2 ක් බිඳහෙළුෑ අතර ප්‍රභාත් ජයසූරිය කඩුල්ලක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 24 ක් ලබා දෙමිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල මාවල්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි. හුදෙකලා පිතිහරඹයක නිරත වූ මොවින් සුබසිංහ පන්දු 14 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක් රැස්කළේය. එහිදී ඒෂාන් මාලිංග ලකුණු 10 කට කඩුලු 3 ක් දවාගත් අතර ගාල්ල ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඔහුට සහාය දැක්වූ තරිඳු රත්නායක, ධනංජය ලක්ෂාන් සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවාගත්හ. 

ගාල්ල මාවල්ස් පිල - ඕවර 10 කදී කඩුලු 9 කට 90 
(ළහිරු උදාර 12, සකීබ් අල් හසන් 12, මොවින් සුබසිංහ නොදැවී 32, ඒෂාන් මාලිංග 10/3, තරිඳු රත්නායක 13/2,  ධනංජය ලක්ෂාන් 14/2, ඉසුරු උදාන 17/2) 

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 7 කදී කඩුලු 6 කට 94 
(කුසල් පෙරේරා 22, ෂෙවෝන් ඩැනියෙල් 36, දසුන් ශානක 20, මහීෂ් තීක්ෂණ 13/3, සහූර් ඛාන් 09/2) 

 


අදහස් (0)

හම්බන්තොට පිල දෙවැනි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.