Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හම්බන්තොට බංග්ලා ටයිගර්ස් ශූරතාව දිනති
ලංකා දහයයි-10 ලීගය

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් ශූරතාව දිනති

editorial - 2024 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

යාපනය ටයිටන්ස් කණ්ඩායමේ අපරාජිත බව බිඳ දමමින් පළමු වරට පැවැති ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. ඒ යාපනය කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති අවසන් මහ තරගය ලකුණු 27 කින් ජය ලබමිනි.   

ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය යාපනය කණ්ඩායමට රිචඩ් ග්ලීසන් ප්‍රමුඛ හම්බන්තොට පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 10 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ග්ලීසන් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත් අතර යාපනය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක දසුන් ශානක ලකුණු 4 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 

යාපනය ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ටොම් ඇබෙල් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑමද යාපනය කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු මොහොමඩ් ශේෂාඩ් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. එහිදී ෂෙවොන් ඩැනියෙල් පන්දු 15 කින් ලකුණු 26 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.  

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටි ටේ‍රවීන් මැතිව්ස් සිය කඩුලු මල්ලට තවත් කඩුලු 2 ක් එක් කරගනිමින් ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳහෙළීය. ප්‍රමෝද් මධුෂාන්, මල්ෂ තරුපති සහ ඩ්වේන් ප්‍රිටෝරියස් එහිදී එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ. 

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 7 කට 133 
(මෙහොමඩ් ශේෂාඩ් 26, සබීර් රහමන් 16, දසුන් ශානක 21, ෂෙවෝන් ඩැනියෙල් 26, ටේ‍රවීන් මැතිව් 18/2) 

යාපනය ටයිටන්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 107  
(ටොම් ඇබෙල් නොදැවී 54, රිචඩ් ග්ලීසන් 21/3, දසුන් ශානක 04/2) 

 


අදහස් (0)

හම්බන්තොට බංග්ලා ටයිගර්ස් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.