Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විවිධ ශාරීරික ආබාධ හේතුවෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් තිදෙනකුටම ආසියානු කුසලාන තරගාවලිය මඟ හැරෙන බව වාර්තා වේ. වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර තිදෙනාටම එල්.පී.එල්. තරගාවලියේදී ඇතිවූ ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය මඟහැරෙනු ඇත.
කුසල් ජනිත් පෙරේරාට මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති නමුත් ආසියානු කුසලාන තරගාවලියේදී ඔහුගේ අවශ්‍යතාව ඉස්මතුවන විට කුසල් පෙරේරා සුවවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආරම්භක පිතිකරුවකු වන කුසල් පෙරේරා මේ වන විට එක්දින කණ්ඩායමේ 11 දෙනා අතරට ඇතුළත් නොවේ. එහෙත් ඔහු සංචිතයට ඇතුළත් කර ඇත්තේ පිතිකරු ලයිස්තුවේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහර දීමට එවීමේ හැකියාව ඇති බැවිනි. සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක දෙදෙනා සමගින් ආසියානු කුසලාන තරගාවලියේදී මෙන්ම ලෝක කුසලාන තරගාවලියේදීත් ඉදිරියට යාම ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වයේ අපේක්ෂාවයි.
පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංගට සති හතරක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇත. එබැවින් ඔහුට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති.
ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් සිව් දෙනකු ඇතුළත් කර ඇත්තේ, තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සැලකෙන, නායක දසුන් ශානකගෙන් ඕවර කිහිපයක් සම්පූර්ණ කරගැනීමේ අටියෙනි. එලෙසින්ම පිට දඟ පන්දු යවන්නකු ඇතුළත් කර නැත්තේ ධනංජය ද සිල්වාගෙන් ඕවර කිහිපයක් සම්පුර්ණ කරගැනීමේ අටියෙනි.
“මේ දෙන්නා එක්කාසුවෙලා ඕවර 10 ක් යවන්න ඕනේ.. ධනංජයට ඕවර 10 ම යවන්න පුළුවන් නම්, ඒ කියන්නේ එයා පිතිකරුවන් පාලනය කරන විදිය අනුව, එයා ඕවර 10 ම යවපුවාවේ” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.
වනිඳු හසරංගගේ ස්ථානය ගන්නා දකුණතින් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත සමගින් මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ වෙති. ඇලපතේ ආබාධයකට ලක්ව සිටින ළහිරු කුමාරගේ ස්ථානයට ප්‍රමෝද් මධුශාන් කැඳවා තිබේ.
ආසියානු කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා පාකිස්තානයේ මුල්තාන් නුවරින් ආරම්භ වේ. පාකිස්තානය සහ නේපාලය එදින තරග වදිනු ඇත. ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු වැනි තරගය බංග්ලාදේශ පිලට එරෙහිව මේ මස 31 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, දුෂාන් හේමන්ත, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.