Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හසරංග ලෝකෙන්ම පෙරමුණ ගනී

හසරංග ලෝකෙන්ම පෙරමුණ ගනී

editorial - 2023 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පැමිණ තිබේ. එහි පෙරමුණේ සිටි ඇෆ්ඝනිස්තානු පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් දෙවැනි තැනට ඇද දමමින් හසරංග මුල් ස්ථානයට පැමිණ ඇත්තේ රෂීඩ් ඛාන්ට පසුගිය සතියේ තරග 3 කදී දවාගත හැකිවූයේ කඩුලු 4 ක් පමණක් බැවිනි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ එදා මෙදා තුර සිටි හොඳම පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානයද වනිඳු හසරංගට හිමිව තිබේ. පළමු පිතිකරුවන් 100 දෙනා අතරට ඇතුළත් නොවන නමුත් වනිඳු හසරංග හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ සිව්වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම් අනුව විස්සයි-20 ක්‍රිකට් පළමු පන්දු යවන්නන් 10 දෙනා අතරට ඇතුළත් වන එකම ශ්‍රී ලාංකිකයා වනිඳු හසරංගයි. විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව, සෙසු ශ්‍රී ලාංකික පන්දු යවන්නන් වන මහීෂ් තීක්‍ෂණ (11), ළහිරු කුමාර (55), චාමික කරුණාරත්න (63) සහ දුෂ්මන්ත චමීර (69) ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නන් 100 දෙනා අතරට ඇතුළත්ව සිටිති.

විස්සයි-20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේදී ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පෙරමුණ ගෙන සිටී. එහි පළමු පිතිකරුවන් 10 දෙනා අතර  එකම ශ්‍රී ලාංකිකයකු හෝ නැත. පැතුම් නිස්සංක (13), චරිත් අසලංක (33), කුසල් මෙන්ඩිස් (35), භානුක රාජපක්‍ෂ (41), දසුන් ශානක (42) සහ ධනංජය ද සිල්වා (92) පළමු 100 දෙනා අතරේ සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති.


අදහස් (1)

හසරංග ලෝකෙන්ම පෙරමුණ ගනී
  • Silva Wednesday, 22 February 2023 04:31 PM

    ඉන්දියාවෙන් විතරයි මොහුට සලකන්නේ

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.