Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝබාර්ට් හරිකේන්ස් පිලට ලකුණු 87 ක ජයක්

හෝබාර්ට් හරිකේන්ස් පිලට ලකුණු 87 ක ජයක්

ශනුක අරවින්ද - 2014 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 9 වැනි තරගය ලෙස හෝබාර්ට් හරිකේන්ස් පිල සහ නොදර්න් දිස්ති‍්‍රක් පිල අතර රායිපූර්හිදී අද (23 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 87 ක පහසු ජයක් අත්කර ගැනීමට හෝබාර්ට් හරිකේන්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය නොදර්න් දිස්ති‍්‍රක් පිල  ඕවර 16.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 92 ක් පමණි.

නොදර්න් දිස්ති‍්‍රක් පිලේ පිතිකරුවන් දෙදෙනකුට හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට හෝබාර්ට් හරිකේන්ස් පිලේ පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

එහිදී බෙන් හිල්ෆන්හියුස් සහ ඩග් බොලින්ජර් කඩුලූ 3 බැගින් දවාගනිමින් නොදර්න් දිස්ති‍්‍රක් ඉනිම සුනුවිසුණු කළ අතර ජෝයි මෙනී සහ ශේවියර් ඩොහාර්ටි කඩුලූ 2 බැගින් දවාගනිමින් ඔවුන්ට අගනා සහයක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් හෝබාර්ට් හරිකේන්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ලකුණු 178 ක් ලබාගත්තේය.

එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඒඩන් බ්ලිසාර්ඞ් (62) සහ ශොයිබ් මලික් (නොදැවී 45) හෝබාර්ට් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පන්දු 43 කදී වාර්තා වූ ඒඩන් බ්ලිසාර්ඞ්ගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 22 කදී වාර්තා වූ ශොයිබ් මලික්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ටිම් පේන් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 42 රැස්කරමින් හෝබාර්ට් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

කාසියේ වාසිය දිනූ නොදර්න් දිස්ති‍්‍රක් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා හෝබාර්ට් හරිකේන්ස් පිලට ආරාධනා කර සිටියේය.

හෝබාර්ට් හරිකේන්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී 178
(ටිම් පේන් 43, ඒඩන් බ්ලිසාර්ඞ් 62, ශොයිබ් මලික් නොදැවී 45)

නොදර්න් දිස්ති‍්‍රක් පිල -  ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 92
(ස්කොට් ස්ටයිරීස් 37, ටිම් සවුති 21, බෙන් හිල්ෆන්හියුස් 14/3, ඩග් බොලින්ජර් 22/3, ජෝයි මෙනී 10/2, ශේවියර් ඩොහාර්ටි 17/2)

-036

 


අදහස් (0)

හෝබාර්ට් හරිකේන්ස් පිලට ලකුණු 87 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.