Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය පාදයේ කළව මස්පිඬුවක් ඉරී යාම හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන්නකු වන ලොකී ෆර්ගසන්ට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබේ. ඔහුගේ දකුණු පාදයේ ඇතිවී තිබූ අපහසුතාවක් හේතුවෙන් කරන ලද ස්කෑන් පරීක්‍ෂණයකදී හෙළිවී ඇත්තේ මස්පිඬුවක් ඉරී යාම හේතුවෙන් ලොකී ෆර්ගසන්ට මාසයක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි.
ෆර්ගසන්ගේ ඉවත්වීම හේතුවෙන් ඇඩම් මිල්න්ට නවසීලන්ත කණ්ඩායමට එක්වීමේ අවස්ථාව හිමිවෙයි. එහෙත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වී තිබේ. ඇඩම් මිල්න් පසුගිය සති දෙකේදීම නවසීලන්ත කණ්ඩායම සමගින් පුහුණුවීම් කරමින් සිටියේය.
“ඔහු ඉතාමත් හොඳින් දස්කම් අතර සිටියා. ඔහුගේ අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක්” යයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.