Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවේදී අත්වූ පරාජයන් වැල හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරය හැර යාමට ඇන්ඩි ෆ්ලවර් තීරණය කර තිබේ. ඔහුගෙන් හිස්වන පුහුණුකරු තනතුර සඳහා හිටපු කී‍්‍රඩක ඈෂ්ලි ජයිල්ස් පත්කිරීමට ඉඩ ඇතැයි එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලයේ සභාපති ජයිල්ස් ක්ලාක් මහතා පවසයි.
අළු බඳුන තරගාවලියේදී ලද 5-0 ක පරාජයක් උරුම කරගත් එංගලන්ත කණ්ඩායම අනතුරුව පැවැති එක්දින තරගාවලියේදී 4-1 කින් පරාජය වූ අතර තවත් තරගයක් ඉතිරිව තිබියදී විස්සයි:20 තරගාවලියේදීත් 2-0 ක් ලෙස පරාජය වී සිටී.
සිකුරාදා පැවැති දෙවැනි වි:20 තරගය පරාජය වීමෙන් පසුව ෆ්ලවර් එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්විය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී ඔහු එංගලන්ත කණ්ඩායමේ තේරීම් නිලධාරියකු ලෙසින් කටයුතු කිරීමට එකග වී තිබේ.
බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ තනතුර හැරයාමට ෆ්ලවර් ගත් තීරණය ඔහුගේ ස්වාධීන තීරණයක් මිස අළු බඳුන තරගාවලියේදී ලද පරාජයෙන් කුළුගැන්වුණ තීරණයක් නොවන බවයි.
කෙසේ වෙතත් එංගලන්ත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කෙවින් පීටර්සන් කණ්ඩායමේ රැඳී සිටින තුරු එංගලන්ත පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට ෆ්ලවර් සූදානම් නැති බවයි.
එංගලන්ත පිලේ මීලග ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ මැයි මාසයේදී ශී‍්‍ර ලංකා පිලට එරෙහිව එංගලන්තයේදීය. ඊට පෙර එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහ බංග්ලාදේශයේදී පැවත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.