Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වළලුකර ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන් වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අකීල් හොසේන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැඳවීම සඳහා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 9 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 6 කට ක්‍රීඩා කර ඇති හොසේන් එක්දින තරගවලදී කඩුලු 14 ක් දවාගෙන ඇති නමුත්, විස්සයි-20 තරගවලදී කඩුලු දවාගෙන නොමැත. අවසන් 15 දෙනා අතර ස්ථානයක් අහිමිවුවද, මින් පෙර සිටිම අතිරේක ක්‍රීඩකයකු ලෙස හොසේන් කොදෙව් සංචිතයට ඇතුළත්ව සිටියේය.
ඒ අනුව තවමත් ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැති ගුඩකේෂ් මෝති අතිරේක ක්‍රීඩකයකු ලෙස කොදෙව් සංචිතයට කැඳවා ඇත. මුල් පෙළ පිතිකරු ඩැරන් බ්‍රාවෝ, වේග පන්දු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රල් සහ තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝඩර් කොදෙව් සංචිතයට ඇතුළත්ව සිටින සෙසු අතිරේක ක්‍රීඩකයෝ වෙති.
පුහුණුවීම් අතරතුර වළලුකර ආබාධයකට ගොදුරුවීම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවන ෆේබියන් ඇලන්, විස්සයි20 ජාත්‍යන්තර තරග 28 කදී කඩුලු 20 ක් දවාගනිමින් ලකුණු 250 ක් රැස්කර ඇත. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 27.05 ක අගයක් ගන්නා අතර ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 17.85 ක් ලෙස සටහන් වේ.
ක්‍රිස් ටෙට්ලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව ක්ලයිව් හිටිච්කොක්, රාහුල් ද්‍රාවිඩ්, ධිරාජ් මල්හෝත්‍රා, සයිමන් ඩෝල් සහ ඉයන් බිෂොප් යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.