Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සමත් විය. කොළඹ නාලන්දා විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පන්නල ජාතික පාසලට එරෙහිව ලකුණු 101 ක ජයක් වාර්තා කරමින් මාරිස්ටෙලා විදුහල් කී‍්‍රඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් මහ තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය පන්නල ජාතික පාසලට ඕවර 19.1 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 57 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ විනිල පෙරේරා ලකුණු 32 කට කඩුලූ 4 ක් බිඳහෙළමින් පන්නල ජාතික පාසල් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
කාසියේ වාසිය දිනූ පන්නල ජාතික පාසල් කණ්ඩායමේ නායකයාගේ ආරාධයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මාරිස්ටෙලා විදුහල ඕවර 42.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 158 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ සවිඳු පෙරේරා පන්දු 62 රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
මාරිස්ටෙලා විදුහල - ඕවර 42.5 කදී සියලූ දෙනා දැවී 158
(සවිඳු පෙරේරා 62, කසුන් රොද්‍රිගූ 31, දිනුක සිල්වා 21, ශකිල සිල්වා 20, ෂෙහාන් මධුෂංක 24/3, අෂේන් මුණසිංහ 32/2, තේමිය කුමාරසිංහ 37/2)
පන්නල ජාතික පාසල - ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 57
(පුබුදු ගීතාංජන 32, විනිල පෙරේරා 32/4, දනුක් සිල්වා 04/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.