Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘මුහුදු ලිහිණියන්ගේ සටන’ විසඳුමකින් තොරයි

‘මුහුදු ලිහිණියන්ගේ සටන’ විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර මීගමුව කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැත් ‘මුහුදු ලිහිණියන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (4 වැනිදා) අවසන්විය.

පළමු දිනට ඊයේ (3 වැනිදා)  තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 38 ක් රැස්කර සිටි ශාන්ත පීතර විදුහලට අද දින සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130 ක් පමණි.

ලසිත් පිරීස් ලකුණු 38 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල් පළමු ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර බ්‍රයන් ජූලියන් ලකුණු 26 ක් රැස් කළේය. සිතුම් අකලංක සහ සංදීප් මදූශ කඩුලු 3 බැගින් සහ දිශාන් ප්‍රමෝද් කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තරගය ජය ගැනීමේ අරමුණින් ලකුණු 100 ක් පසුපසින් සිටි ශාන්ත පීතර විදුහලට පිට පිට දෙවැනි වරටද පන්දුවට පහරදීම සඳහා ශාන්ත සෙබස්තියන් විදුහල ආරාධනා කළේය. ඒ අනුව පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල දිනය නිමාවන විට කඩුලු 5 ක් දැවී ලකුණු 119 ක් රැස්කරමින් තරගය පරාජය වීමෙන් වැලකීමට සමත්විය.

ශෙන් මලීෂ නොදැවී ලකුණු 50 ක් සහ නජිත් පිරීස් නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල පරාජයෙන් ගලවා ගැනීමට සමත්වූහ.


ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 79.1 කදී සියලුදෙනා දැවී 230
(ෂෙහාන් උදාර 56, දුලාජ් අෂේන් 48, අයෝන් හේෂර 36, මෙත්ම දම්සර 32, දිනෙත් තත්සර 53/4, බ්‍රයන් ජූලියන් 49/3, උමේෂ් ලක්ෂාන් 15/2)

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී 130
(ලසිත් පිරීස් 38, බ්‍රයන් ජූලියන් 26, සිතුම් අකලංක 30/3, සංදීප් මදූශ 29/3, දිශාන් ප්‍රමෝද් 17/2)

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 74 කදී කඩුලු 5 ක් දැවී 119
(ශෙන් මලීෂ නොදැවී 50, නජිත් පිරීස් නොදැවී 34, ලසිත් පිරීස් 28, ශෙහාන් සිල්වා 31/3)

 


අදහස් (0)

‘මුහුදු ලිහිණියන්ගේ සටන’ විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.