Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අකිල ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදරියට එයි

අකිල ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදරියට එයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය ඉරිදා අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අන්තර්ජාතික ක්‍රිකට් සභා එක්දින පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 22 ක් ඉදිරියට පැමිණෙමින් 21 වැනි ස්ථානයට උස්වීම් ලබා සිටියි. අකිල මේ දක්වා ලෝක එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ හිමිකරගත් ඉහළතම ස්ථානය මෙය වේ. 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගාවලිය ආරම්භ වන විට අකිල එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 43 වැනි ස්ථානයේ පසුවිය.  

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී අකිල අනගි පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 29 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් විය. ඔහු එම තරගාවලියේ තරග පහේදී කඩුලු 14 ක් දවාගැනීමත් සමඟ ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 50 කට ආසන්න සංඛ්‍යාවක් හිමිවිය.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනගේ මැදිහත් වීමෙන් 2012 වසරේ එක්දින වරම් හිමිකරගත් අකිල මේ වන විට කඩුලු 35 ක් දවාගැනීමට සමත්ව සිටියි. 24 හැවිරිදි අකිල 2012 වසරේ එක්දින වරම් ලබා වසර පහකට පසුව 2017 වසරේ ජූනි මස නැවත කණ්ඩායමේ ස්ථානය හිමිකරගත්තේය.

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මෂ්රාෆි මොර්ටාෂා ප්‍රසාද ලකුණු 606 ක් ලබා අකිලට ඉදිරියෙන් සිටියි.  

නායක ඇන්ජලෝ මැතිව්ස්, දකුණු අප්‍රිකාවට එරෙහිව මෙම තරගාවලියේදී ලකුණු 235 ක් රැස් කරමින් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 25 වැනි ස්ථානයට පැමිණියේය.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලියෙන් පසුව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ස්ථාන හතරක් ඉදිරියට ඇදෙමින් 35 වැනි ස්ථානයේ ද, කුසල් පෙරේරා ස්ථානය 16 ක් ඉරියට ඇදෙමින් 66 වැනි ස්ථානයේ ද, පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පසුවෙති. 

තිසර පෙරේරා පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් 68 වැනි ස්ථානයේ රැදී සිටියි.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ප්‍රසාද ලකුණු 775 ක් එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. 
 දකුණු අප්‍රිකාව මෙම එක්දින තරගාවලිය 3-2 කින් ජය ලැබීය.  

 - 048


අදහස් (0)

අකිල ශ්‍රේණිගත කිරීම් අතරේ ඉදරියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.