Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අකිල බ්‍රිස්බේන් යයි

අකිල බ්‍රිස්බේන් යයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට අලුතෙන්ම ඇතුළත් වූ ක්‍රීඩකයා වන අකිල ධනංජය හෙට (19 වැනිදා) ඕස් ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව යයි. ගාල්ල ටෙස්ට් තරගයේදී විනිසුරුවරුන්ගේ සැකයට පාත්‍රවූ අකිල ධනංජයට මෙම චෝදනාව එල්ල කෙරුණේ පසුගිය 11 වැනිදාය. 

චෝදනාව ලැබීමෙන් දින 14 ක් ඇතුළත සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුවන හෙයින් අකිල බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව යයි. මේ හේතුවෙන් අකිලට තුන්වැනි ටෙස්ට් තරගය අහිමි වන බව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය. 

අකිල  බ්‍රිස්බේන් නුවර ක්‍රීඩා විද්‍යායතනයේදී මේ මස 23 වැනිදා පන්දු යැවීමේ පරීක්‍ෂණයට මුහුණ දීමට නියමිතය. 

වසර 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගන්නා අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි චෝදනාවට ලක්වන්නේ වසර 6 කට පසුවය. මේ දක්වා ටෙස්ට් තරග 5 කදී කඩුලු 27 ක් දවාගෙන සිටින මෙම පිට දඟ පන්දු යවන්නා, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තරග දෙකකදී කඩුලු 10 ක් දවාගෙන තිබේ. එංගලන්ත පිලට එරෙහිව පල්ලෙකැළේදී ලකුණු 115 කට කඩුලු 6 ක් දවාගැනීම ඔහුගේ හොඳම ටෙසට් පන්දු යැවීම වෙයි. 

 


අදහස් (0)

අකිල බ්‍රිස්බේන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.