Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා රංගිරි දඹුල්ල සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල ලෙස කණ්ඩායම් 4 ක් ලීග් ක්‍රමයට අනුව තරග වදියි. මූලික වටය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වෙන අතර සෙසු කණ්ඩායම් දෙක අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගයක් පැවැත්වෙනු ඇත.
එහිදී දිනේෂ් චන්දිමාල් විසින් කොළඹ කණ්ඩායමද, දිමුත් කරුණාරත්න විසින් මහනුවර කණ්ඩායමද, ලසිත් මාලිංග විසින් ගාල්ල කණ්ඩායමද, ඇන්ජලෝ මැතිව්ස් විසින් දඹුල්ල කණ්ඩායමද මෙහෙයවනු ලබති.
උපුල් තරංග කොළඹ කණ්ඩායමේත්, තිසර පෙරේරා මහනුවර කණ්ඩායමේත්, ළහිරු තිරිමාන්න ගාල්ල කණ්ඩායමේත්, නිරෝෂන් දික්වැල්ල දඹුල්ල කණ්ඩායමේත් උප නායකයෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
මෙම තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වන දක්ෂතා අනුව එළබෙන මැයි මස පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරාගැනීමට නියමිතය.
ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප්‍රසාද්, කෞෂාල් සිල්වා, තරිඳු කෞෂාල්, බිනුර ප්‍රනාන්දු, රමිත රඹුක්වැල්ල, සහ ළහිරු ගමගේ යන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් මෙම කණ්ඩායම්වලට ඇතුළත්ව නොමැති අතර ඔවුහු අතිරේක ක්‍රීඩකයන් ලෙස කටයුතු කරති.
කොළඹ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියංජන්, කමිදු මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න, අකිල ධනංජය, අමිල අපොන්සු, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, චාමර සිල්වා, මොහොමඞ් සිරාස් සහ ෂෙහාන් ජයසූරිය
අතිරේක - විශ්ව චතුරංග, නිපන් ධනංජය, කුසල් පෙරේරා, තරිඳු රත්නායක, නිපුන් රන්සික, හෂාන් දුමින්ද සහ හසිත බෝයගොඩ
චරිත් සේනානායක මහතා (කළමනාකරු) සහ අවිෂ්ක ගුණවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු)
මහනුවර කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), තිසර පෙරේරා (උප නායක), සධීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, ජෙෆ්රි වැන්ඩසේ, මාලින්ද පුෂ්පකුමාර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, සචිත්‍ර සේනානායක, දිලේෂ් ගුණරත්න සහ මනෝජ් සරච්චන්ද්‍ර
අතිරේක - තරිඳු කෞෂාල්, චමිදු විජේසිංහ, ඩිල්රුවන් පෙරේරා, කවීෂ්ක අන්ජුල, ජෙහාන් ඩැනියෙල්, රොහාන් සංජය සහ සංගීත් කුරේ
බාලන් ආශිර්වාදන් මහතා (කළමනාකරු) සහ පියල් විජේතුංග මහතා (ප්‍රධාන පුහුණුකරු)
ගාල්ල කණ්ඩායම
ලසිත් මාලිංග (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), සදුන් වීරක්කොඩි, කුසල් මෙන්ඩිස්, මහේල උඩවත්ත, මිනෝද් භානුක, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, නිෂාන් පීරිස්, චාමික එදිරිසිංහ, දුෂ්මන්ත චමීර, ළහිරු මධුෂංක, ශම්මු අශාන්, ෂෙහාන් මධුශංක සහ වනිදු හසරංග
අතිරේක - නිපුන් කරුණානායක, කමිල් මිශාර, නිසල තාරක, බිනුර ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද් සහ තික්ෂිල ද සිල්වා
ශම්මි ගුණසේකර මහතා (කළමනාකරු) සහ තිලාන් සමරවීර මහතා (ප්‍රධාන පුහුණුකරු)
දඹුල්ල කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඉෂාන් ජයසූරිය, සචිත්‍ර සේරසිංහ, අශේන් බණ්ඩාර සහ රමේෂ් මෙන්ඩිස්
අතිරේක - දුෂාන් විමුක්ති, සොනාල් දිනූෂ, ළහිරු ගමගේ, රමිත් රඹුක්වැල්ල, ශිරාන් ප්‍රනාන්දු, කෞෂාල් සිල්වා සහළහිරු උදාර
විනෝදන් ජෝන් මහතා (කළමනාකරු) සහ සුමිත්‍ර වාර්ණකුලසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු)
තරග කාලසටහන
අප්‍රේල් 4 වැනිදා - කොළඹ සහ දඹුල්ල අතර - දඹුල්ලේදී
අප්‍රේල් 4 වැනිදා - මහනුවර සහ ගාල්ල අතර - පල්ලේකැලේදී
අප්‍රේල් 6 වැනිදා - දඹුල්ල සහ ගාල්ල අතර - දඹුල්ලේදී
අප්‍රේල් 6 වැනිදා - කොළඹ සහ මහනුවර අතර - පල්ලේකැලේදී
අප්‍රේල් 8 වැනිදා - දඹුල්ල සහ මහනුවර අතර - දඹුල්ලේදී
අප්‍රේල් 8 වැනිදා - කොළඹ සහ ගාල්ල - පල්ලේකැලේදී
අප්‍රේල් 10 වැනිදා - තෙවැනි ස්ථාන තේරීමේ තරගය - දඹුල්ලේදී
අප්‍රේල් 11 වැනිදා - අවසන් මහ තරගය - දඹුල්ලේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.