Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වයස 23 න් පහළ අන්තර් සමාජ තරගාවලිය නොපවත්වා වෙනත් කණ්ඩායම් 10 ක් තෝරාගෙන අන්තර් පළාත් තරගාවලියක් පැවැත්වීම පිළිබඳව පුහුණුකරුවෝ රැසක් විරෝධය පළ කරති.
මෙම වයස 23 න් පහළ පළාත් තරගාවලිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද පැමිණිළි කර ඇති බව වාර්තා වේ.
මෙම පළාත් තරගාවලිය හෙට (11) සිට අගෝස්තු 01 වැනිදා දක්වා දෙදින තරගාවලියක් ලෙස කොළඹ, මාතර සහ හම්බන්තොට ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන පළාත් කණ්ඩායම් 10 ට වයස 19 න් පහළ ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 42 ක් සහ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කර නොමැති බවට චෝදනා එල්ල වේ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු වන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ප්‍රධාන පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ පාසල් තරගාවලියේ දස්කම් දක්වා පාසලෙන් ඉවත්වූ ක්‍රීඩකයන්ට සහභාගි වීමට තරගාවලියක් නොමැති බවයි.
“අන්තර් සමාජ තරගාවලියේ දස්කම් දක්වන ක්‍රීඩකයන් තමයි පළාත් තරගාවලිය සහභාගි විය යුත්තේ. නමුත් මෙතන එහෙම වෙලා නෑ. පස්සෙ පවත්වන්න ඕන තරගාවලිය මුලින්ම පවත්වනවා”
“පාසලේ හොඳට ක්‍රීඩා කරලා එළියට ගිය ක්‍රීඩකයෝ මේ තරගාවලියට නෑ. ඒ ක්‍රීඩකයෝ ක්‍රිකට් අතහැරලා දායි. මේක රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය විනාශ කිරීමක්”
“අනාගතයට දක්‍ෂ ක්‍රීඩකයන් රඳවා ගැනීමට නම් පාසල් තරගාවලිය වයස 20 න් පහළ කරලා ක්‍රීඩකයන් තවත් වසරක් පාසලේ තබාගත යුතුයි” යැයි කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
කොළඹ තර්ස්ටන් විදුහලේ පුහුණුකරුවකු වන සුනෙත් ගුණතිලක මහතා පැවසුවේ පාසල් ක්‍රීඩකයන් දස්කම් දක්වා තිබියදී මෙවැනි ජාතික මට්ටමේ තරගාවලියකට තෝරා නොගැනීම කණගාටුදායක තත්ත්වයක් බවයි.
“අපේ පාසලේ කඩුලු 100 ක් දවාගත් ක්‍රීඩකයෙක් ඇතු`ඵව දක්‍ෂ ක්‍රීඩකයන් හය දෙනකු පමණ ඉන්නවා.
බස්නාහිර පළාතට කණ්ඩායම් තුනක් තිබිලත් අඩුම තරමින් කඩුලු 100 ක් දවාගත් ක්‍රීඩකයාටවත් අවස්ථාවක් නෑ” යැයි ගුණතිලක මහතා වැඩි දුරටත් පැවසීය.
මේ පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුවේ නිලධාරියකු පැවසුවේ අන්තර් සමාජ 23 න් පහළ තරගාවලිය නොවැම්බර් මාසයේ පවත්වන බවයි.
පළාත් තරගාවලියට සහභාගි වන කණ්ඩායමක පුහුණුකරුවකු කණ්ඩායම් තෝරාගත් ආකාරය මෙසේ විස්තර කළේය.
“කනිෂ්ඨ තේරීම් කමිටුව සහ පළාත් තේරීම් නිලධාරීන් ලබාදුන් ක්‍රීඩකයන් දස්කම් අනුව ජාතික තේරීම් කමිටුව මෙම කණ්ඩායම් තෝරාගත්තා. මෙහිදී පළමු පෙළ ‘ඒ’, බී සහ සරා කුසලාන තරගාවලිවලට සහභාගි වූ ක්‍රීඩකයන් තමයි සළකා බැලුවේ”
“19 න් පහළ සංචිතයේ ක්‍රීඩකයන් හොඳ පුහුණුවක් ලබන නිසා මේ තරගාවලියට ඔවුන්ව ගත්තේ නෑ” යැයි එම පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.
මෙහිදී සළකා බැලුවේ යැයි කියන ‘සරා’ කුසලාන තරගාවලිය එතරම් තරගකාරි නොවන අතර පාසල් මට්ටමේ ඊට වඩා දක්‍ෂ ක්‍රීඩකයන් සිටිය හැකිය. වයස 19 න් පහළ තරගාවලියේ ලකුණු 1000 සහ කඩුලු 100 පසු කළ ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට ඇතුළත්ව නැත.
මෙවැනි තරගාවලි පැවැත්වීමෙන් ක්‍රිකට් ආයතනයේ ඇතැමුන්ගේ සාක්කු පිරීම නිසා හුදෙක් තරග පැවැත්වීම පමණක් ඔවුන්ට ප්‍රමාණවත් බවත් නොවැම්බර් මස අන්තර් සමාජ තරගාවලියක් පැවැත්වීම අවිනිශ්චිත බවත් ප්‍රධාන ක්‍රීඩා සමාජයක නිලධාරියකු පැවසීය.
“මෙවැනි තරගාවලි වෙනුවෙන් හෝටල් පහසුකම් ලබාදීම, ආහාර ලබාදීම, ප්‍රවාහන පහසුකම් ලබාදීම සහ කළමණාකරුවන් පත්කිරීම ආදි විවිධ සේවාවන් සපයනවා. එහිදී ඒවායේ කොන්ත්‍රාත්තුව ගන්නෙත් ඔය ඉන්න අයම තමයි. අන්තර් සමාජ තරගාවලියක් පැවැත්වුවහොත් ඒවා ලැබෙන්නේ නෑ නේ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම තත්ත්වය පිළිබඳව දැන ගැනීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති (දේශීය ක්‍රිකට්) කේ. මතිවානන් සහ කනිෂ්ඨ තේරීම් කමිටු සභාපති සහ ජාතික තේරීම් කමිටු සාමාජික රංජිත් මදුරුසිංහ යන මහත්වරු දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහ කළද ඔව්හු ප්‍රතිචාර නොදැක්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.