Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අන්තර් පළාත් ශූරතාව ගාල්ලට

අන්තර් පළාත් ශූරතාව ගාල්ලට

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගයේ සියලු තරග අවසන් වනවිට ප්‍රසාද ලකුණු 38.03 ක් ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් දසුන් ශානකගේ නායකත්වයෙන් තරග වැදුණු ගාල්ල කණ්ඩායම ශූරතාව හිමිකර ගැනීමට සමත්විය.

ගාල්ල කණ්ඩායම සහභාගීවූ තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වුවද තරග තුනේදීම පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

ප්‍රසාද ලකුණු 35.55 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වූ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරග වැදුණු දඹුල්ල කණ්ඩායමට අනුශූරතාවයෙන් සැහීමට පත්විමට සිදුවිය.

තරග තුනකට සහභාගීවූ දඹුල්ල කණ්ඩායම එක් තරගයක් ජයගත් අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත්විය.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරූ මහනුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු 22.55 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයටත් දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 9.82 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයටත් පත්විය.

 

ප්‍රසාද ලකුණු සටහන
කණ්ඩායම තරග ජය පරාජ ත.ල.ස වි.තො. ප්‍රසාද ලකුණු
ගාල්ල 3 0 0 0 3 38.03
දඹුල්ල 3 1 0 0 2 35.55
මහනුවර 3 0 0 0 3 22.55
කොළඹ 3 0 1 0 2 9.82

 

 


අදහස් (0)

අන්තර් පළාත් ශූරතාව ගාල්ලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.