Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප්‍රධානතම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සාමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට (30 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසරේ පැවැති ‘ඒ’ ශ්‍රේණීයේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් පිල සමත්වූ අතර එහි අනුශූරතාව එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට හිමිවිය.
පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ශ්‍රේණී දෙකක් යටතේ පැවැත්වෙන අතර තරගාවලි දෙක වෙනුවෙන් ක්‍රීඩා සමාජ 23 ක් තරග වැදීමට සුදානමින් සිටිති. ‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලිය හෙට ආරම්භවන නමුත් ‘බී’ ශ්‍රේණීයේ තරගාවලිය ආරම්භ වන්නේ දෙසැම්බර් 14 වැනිදාය.
‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලියේදී ක්‍රීඩා සමාජ 14 ක් කාණ්ඩ දෙකකට බෙදා ලීග් පදනම මත තරග පැවැත්වේ. එක් ක්‍රීඩා සමාජයක් මූලික වටයේ තරග 6 කට සහභාගි විය යුතුය. ‘බී’ ශ්‍රේණීයේ තරගාවලියේදී ක්‍රීඩා සමාජ 9 ක් ලීග් පදනම මත තරග වැදීමට නියමිත අතර කණ්ඩායමක් තරග 8 කට සහභාගි විය යුතුය.
‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලිය මූලික වටයේ තරග වලින් අනතුරුව සුපිරි කණ්ඩායම් 8 සහ පළඟ ශූරතාව ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කෙරෙති. ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හී ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 බැගින් කණ්ඩායම් 8 ක් සුපිරි කණ්ඩායම් අතර තරගාවලියට සුදුසුකම් ලබාගන්නා අතර ඒ ඒ කාණ්ඩයන්හී අවම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 6 පළඟ ශූරතාව සඳහා සුදුසුකම් ලබාගනිති.
සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන තරග වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම අන්තර් සාමාජ ලීග් ක්‍රිකට් ශූරතාවට හිමිකම් කියන අතර පළඟ ශූරතාව සඳහා පැවැත්වෙන තරග වටයේදී එහි ඉහළ ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායමට එහි ශූරතාව හිමිවේ.
සියලු තරග තෙදින තරග ලෙස පැවැත්වෙන අතර සුපිරි අට තරග වටයේ තරග පමණක් සිවුදින තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
පසුගිය වසරේදී ‘ඒ’ ශ්‍රේණීය යටතේ පැවති පළඟ ශූරතා තරගාවලියේදී ප්‍රසාද ලකුණු 36.86 ක් ලබා අවසන් ස්ථානය හිමිකරගත් බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජය ‘බී’ ශ්‍රේණීය දක්වා පහත දමා ඇති අතර ‘බී’ ශ්‍රේණීයේ ශූරතාව හිමිකරගත් මීගමුව ක්‍රීඩා සමාජය ‘ඒ’ ශ්‍රේණීය දක්වා උසස් කර තිබේ.
එමෙන්ම පසුගිය වසරේදී පැවැති ‘බී’ ශ්‍රේණීයේ තරගාවලියේදී ප්‍රසාද ලකුණු 58.56 ක් ලබා අවසන් ස්ථානයට පත්වූ පොලිස් ක්‍රීඩා සමාජය සරා කුසලාන තරගාවලිය දක්වා පහත දමා ඇති අතර පසුගිය වසරේදී සරා කුසලාන හිමිකරගත් නුගේගොඩ ක්‍රීඩා සමාජය ‘බී’ ශ්‍රේණීය දක්වා උසස් කර ඇත.
‘ඒ’ ශ්‍රේණීයේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම්
හලාවත මේරියන්ස්, එස්.එස්.සී, වරාය අධිකාරිය, බී.ආර්.සී, එන්.සී.සී, කෝල්ට්ස්, රාගම ක්‍රී.ස, සැරසන්ස්, මූවර්ස්, බදුරලිය ක්‍රී.ස, ද්‍රවිඩ සංගමය, සී.සී.සී, යුද හමුදාව, මීගමුව ක්‍රී.ස
‘බී’ ශ්‍රේණීයේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම්
බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, ගාල්ල ක්‍රී.ස, කළුතර නාගරික, ගුවන් හමුදාව, කුරුණෑගල යොවුන්, පානදුර ක්‍රී.ස, නාවික හමුදාව, නුගේගොඩ ක්‍රී.ස
හෙට දින පැවැත්වෙන තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.