Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරුවන් පස්දෙනෙකු කණ්ඩායම තුළ සිටියද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වූයේ සැලසුම් කළ උපායන් අවාසනාවන්ත ලෙස ක්‍රියාවට නැංවීමට නොහැකිවූ නිසා බව එක්දින තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් මහතා මාධ්‍ය හමුවේ පැවසීය.
තරගාවලිය පුරා ආරම්භක පිතිකරුවන් ලෙස උපුල් තරංග සහ ධණුෂ්ක ගුණතිලක කටයුතු කළ අතර නිරෝෂන් දික්වැල්ල අංක 5 ස්ථානයේ දිගටම කටයුතු කළේය. තීරණාත්මක තරගයේදී සධීර සමරවික්‍රම අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ අතර පස්වැනි ආරම්භක පිතිකරුවාවූ කුසල් ජනිත් පෙරේරාට එකඳු හෝ තරගයක් හිමි නොවීය.
“ඒක පහසු තරගයක් නෙවේ. අපිට පුලුවන් අපේ ක්‍රීයා පිළිවෙල දිහා හැරිල බලන්න වගේම එහි තිබුන අඩුපාඩු මොනාද කියලා. නමුත් අපිට උපායන් තිබ්බා” යැයි නික් පොතාස් මහතා පැවසීය.
“අපි ගොඩක් ක්‍රීඩකයින් ගෙන්නලා උත්සහ කරලා බැලුවා දඟ පන්දු යැවිය හැකි හොඳ ක්‍රීඩකයෙක් කණ්ඩායමට එක්කර ගැනීමට. ඔබට ඉන්දියාවට ක්‍රීඩා කිරීමට අවශ්‍යනම් මැද පෙළ ක්‍රීඩා කළ හැකි දග පන්දු යවන්නෙක් වෙන්න වෙනවා. අන්න ඒකයි අපේ සැලැස්ම. නමුත් අවාසනාවන්ත ලෙස එක ඕවරයකදී කඩුලු 2 ක් බිඳ වැටුනා යැයි හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නා පැවසීය.
තරගයේ භාගයක් අවසන් වනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් රැස්කරමින් ප්‍රභල ස්ථානයක සිටි ශ්‍රී ලංකාව ආරම්භක පිතිකරු උපුල් තරංගගේ දැවීයාමත් සමගින් ලකුණු 55 ක් තුළ කඩුලු 8 ක් අහිමිකර ගත්තා.
ඇත්තටම ලකුණු පුවරුවේ තිබ්බ ලකුණු ගණන මදි. 28 වැනි ඕවරය වෙනකොට අපි හොඳ තැනක හිටියා. නමුත් එක් ඕවරයකදී කඩුලු 2 ක් බිඳ වැටුණා. ගොඩක් කළකිරෙනවා යැයි පොතාස් මහතා වැඩිදුරටත් පැවසීය.
පැවැති තරගාවලි හයකින් එකක් හෝ ජයගැනීමට නොහැකිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට 2017 වසර ඉතාමත් දුක්මුසු කාළ පරිච්ඡේදයක් විය. තරග 28 කින් ජයගැනීමට හැකිවූයේ තරග 5 ක් පමණි. මම කියන්නේ අපිට හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගන්න බෑ. නමුත් අපේ ක්‍රීඩකයින් හැමදෙයක්ම ඉක්මනින් ඉගෙන ගත්තා ඒවා ක්‍රියාවට නැංවූවා. නමුත් හැමවිටම ඔවුන් කරන්නේ එකම වැරුද්ද. හැමිවිටම එකම වැරුද්ද කරනවානම් පවතින්න අමාරුයි යැයි පොතාස් මහතා පැවසීය.
හිටපු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් මහතාගේ ඉවත් වීමෙන් පසු ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්වු නික් පොතාස් මහතා මාස හයක පමණා කාළයක් එම ධූරයේ කටයුතු කළේය. විස්සයි 20 තරගාවලියෙන් පසුව මම නැවතත් සදම්ටන් බලා පිටත්ව යනවා. ලැබුණු අවස්ථාව ගැන මම මවිත වුනා. චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව ඉන්නවා. මට හැකි උපරිමයෙන් මම ඔහුට උදව් කරනාවා යැයි පොතාස් මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.