Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ලද 5-0 ක අමිහිරි පරාජය අකාමකා දැමීමට සූදනම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායමත් මේ වසරේදී සහභාගි වූ එක්දින තරග 18 කින් 11 ක් පරාජය වී සිටින එංගලන්තයත් අතර පැවැත්වෙන තරග 7 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (26 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.
ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් පමණක් නොව, සමස්ත ලෝකයේම කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ, කි‍්‍රකට් කී‍්‍රඩාවේ පතාක යෝධයන් තිදෙනකු වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් තිදෙනා ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන අවසන් එක්දින තරගාවලියද මෙම තරගාවලිය වනු ඇත.
මහේල ජයවර්ධන (තරග 428), කුමාර් සංගක්කාර (තරග 383) සහ ඩිල්ෂාන් (තරග 293) එක්ව ශී‍්‍ර ලංකා පිලට එකතු කළ එක්දින ලකුණු සංඛ්‍යාව 33,601 කි.
එංගලන්තයට එරෙහිව තරග 7 ටම කී‍්‍රඩා කරන්නේ නම් මවුබිමේදීම සිය 300 වැනි එක්දින තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව තිලකරත්න ඩිල්ෂාන්ට හිමිවන අතර එක්දින තරග 383 කට සහභාගි වී සිටින කුමාර් සංගක්කාරට ලකුණු 13,000 සීමාව කරා අවතීර්ණ වීමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 82 ක් පමණි.
මෙම පිතිකරුවන් තිදෙනා සහ අංක 5 ස්ථානයේ කී‍්‍රඩා කරන නායක ඇන්ජලෝ මැතිව්ස්ද සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිහරඹය ඉතාමත් ස්ථාවර ස්වභායක් ගන්නා නමුත් යම් හෙයකින් ජ්‍යෙෂ්ඨයන් තිදෙනාගෙන් දෙදෙනකු අසාර්ථක වුවහොත් මැද පෙළ කඩාවැටීම වැළැක්විය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. එහි බරපතළම අර්බුදය මතුවන්නේ ‘පිතිකරුවන්ගේ අධිවේගී’ ඕවර කිහිපයේදීය.
එබැවින් මැද පෙළ තවදුරටත් ස්ථාවර කිරීම සඳහා තේරීම් කමිටුව තවත් පිතිකරුවන් තිදෙනකු සොයමින් යන අතරේ ඩිල්ෂාන්ගේ ආරම්භක පිතිකරුවා කවුරුන් විය යුතුද යන්න පිළිබඳවත් අවධානයෙන් සිටී.
කුසල් ජනිත්ට මේ දක්වා ලැබුණු අවස්ථා වැඩි ගණනකදී ඔහු අසාර්ථක වී ඇති අතර කුෂල ජනිත් එක්දින තරග 36 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් පමණක් ලබා ඇත්තේ ලකුණු 740 ක් පමණි. එක්දින ඉනිම 34 කට කී‍්‍රඩා කර ඇති වමත් ආරම්භක පිතිකරුවා පස් වතාවක් ලකුණු නොලබා දැවී ගොස් තිබෙන අතර 15 වතාවක් ලකුණු 10 ට අඩුවෙන් දැවී ගොස් තිබේ. මෙවන් තත්ත්වයක් යටතේ මෙම තරගාවලියේදීත් අසාර්ථක වන්නේ නම් කුසල් කෙරේ තේරීම් කමිටු නිලධාරීන් තබා ඇති විශ්වාසය ඵල රහිත වනු ඇත.
ඉන්දීය සංචාරයේදී මැද පෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ වසර 3 කට පසුව කණ්ඩායමට කැඳවූ තිළිණ කණ්ඩම්බිද සමගිනි. එහෙත් අනාගතයේදී ශී‍්‍ර ලංකා පිලේ පිතිහරඹය කරට ගැනීමේ ශක්තිය හිමි දිනේෂ් චන්දිමාල්ට වැඩි යමක් තමන්ට කළ හැකි බව එංගලන්තයට එරෙහි තරගාවලියේදී පෙන්නුම් කිරීමට 32 හැවිරිදි කණ්ඩම්බි සමත් වුවහොත් එය චන්දිමාල්ට කිසියම් අභියෝගයක් වන නිසැකය. මක්නිසාද යත් ලෝක කුසලන තරගාවලිය අත පොවන මායිමට පැමිණ ඇති බැවිනි.
එංගලන්තයට එරෙහිව තිළිණ කණ්ඩම්බි යොදාගන්නේත් පරීක්‍ෂණයක් සඳහා බව ඊයේ සවස මාධ්‍ය ඇමතූ ළහිරු තිරිමාන්න පැවසීය.
”මැද පෙළ කී‍්‍රඩා කරන්න පුළුවන් කී‍්‍රඩකයන් හතර දෙනෙක් විතර ඉන්නවා. ඒත් ලෝක කුසලාන තරගාවලියට යන්නේ ඔවුන්ගෙන් දෙන්නෙක් විතරයි” යයි තිරිමාන්න ඊයේ සවස පැවසීය.
තිරිමාන්න වැඩිදුරටත් පැවසුවේ හෙට තරගයේදී මහේල ජයවර්ධන ආරම්භක පිතිකරුවා ලෙසින් කී‍්‍රඩා නොකරන බවයි. තත්ත්වය එසේ වුවත් ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලිය මෙන් මෙම තරගාවලිය තවත් අත්හදා බැලීමේ තරගාවලියක් නම් නොවේ. එබැවින් පළමු තරගයේ සිටම තරගාවලියේ වාසිය අත්කරගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම වගබලා නොගතහොත් නිදහසට කරුණු සෙවීමට නැවත වරක් සිදුවනු ඇත.
රංගන හේරත් නැවතත් කණ්ඩායමට එක්ව සිටීමත් පිට දග පන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරාට පිතිකරුවකු වශයෙන් යමක් කළ හැකිවීමත් නායක මැතිව්ස්ට සහනයක් විය හැකිය. එහෙත් ශී‍්‍ර ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් පස් දෙනකු ඇතුළත්ව සිටින නමුත් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග නොමැති වීමේ අඩුව නායකයාට දැනෙනු නිසැකය.
මෙවන් තත්ත්වයකදී කණ්ඩායමේ බර කරට ගන්නේ වේග පන්දු යවන්නන් අතුරින් කවුරුන්ද යන්න පිළිබඳව නායක මැතිව්ස් මෙන්ම තේරීම් කමිටුව පමණක් නොව, ශී‍්‍ර ලංකාවේ සමස්ත කී‍්‍රඩා ලෝලී පිරිසත් බලා සිටිති.
සුපුරුදු පරිදි ශී‍්‍ර ලංකා තේරීම් කමිටුව මෙම තරගාවලිය සඳහා සංචිතය තෝරා ගනු ලැබ ඇත්තේ පළමු තරග 3 සඳහා පමණි. පළමු තරග 3 දී අසාර්ථක වන කී‍්‍රඩකයන් වෙනුවට වෙනත් කී‍්‍රඩකයන් තරගාවලිය මැදදී ආදේශ කිරීමේ අවස්ථාව තේරීම් කමිටු නිලධාරීන් විසින් සත්කාරක කණ්ඩායම වෙත රඳවාගෙන සිටී.
අන්තර්ජාතික තරග තහනමකට ලක්ව සිටින හෙයින් සංචිතයේ නැති නමුත් ඊයේ පැවැති පුහුණුවීම් වලදී පන්දු යවමින් සිටි සචිත‍්‍ර සේනානායකද ඕනෑම මොහොතකදී කණ්ඩායමට එක්විය හැකි කී‍්‍රඩකයෙකි. එවන් විටෙකදී ශී‍්‍ර ලංකා පිලේ ද`ග පන්දු යැවීමේ අංශය ශක්තිමත් විය හැකි නමුත් පවතින කාලගුණික තත්ත්වය ඊට තරමක් එරෙහි වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.