Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් සභා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙම මස අගදී ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය. එම සාකච්ඡාව ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථානයේදී මේ මස 28 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක් මතුවී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පසුගිය මස පැවැති වාර්ෂික මහ සභාවේදී ශ්‍රී ලංකාවට නිලවරණය පැවැත්වීම සඳහා මාස තුනක කාලයක් ලබාදීමට එහි විධායක කමිටුව තීරණ්‍ය කළේය.
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
“ක්‍රිකට් නිලවරණය පවත්වන්නේ ඒ සඳහා අවශ්‍ය ස්වාධීන වටපිටාව නිර්මාණය කරලයි. ඒ නිසා මට කාලයක් කියන්න බෑ. මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඒ පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා”
“බොහෝ විට මේ මස 28 වැනිදා ඒ අවස්ථාව ලැබෙයි” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.