Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ තරග 41 ක් අවසන් වන විට වැඩිම කඩුලූ ලබාගත් කී‍්‍රඩකයන්ගේ ලයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ලසිත් මාලිංග (කඩුලූ 16) සමත්වී තිබේ.
මෙවර තරගාවලියේදී තරග 10 කට සහභාගීවී සිටින මාලිංග, කඩුලූ 16 ක් දවාගැනීම සඳහා ලබාදී ඇති ලකුණු සංඛ්‍යාව 253 කි. එහි සාමාන්‍ය සටහන් වන්නේ 15.81 ක් ලෙසනි. කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගැනීම මෙවර අයි. පී. එල්. තරගාවලියේදී ඔහුගේ හොඳම පන්දු යැවීමයි.
මේ වන විට කඩුලූ 18 බැගින් දවාගෙන ඇති හයිද්‍රාබාද් සන්රයිසස් පිලේ බුවනේෂ්වර් කුමාර් සහ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ මෝහිත් ශර්මා වැඩිම කඩුලූ දවාගත් පන්දු යවන්නන් අතර පළමු සහ දෙවැනි ස්ථාන වල රැදීසිටිති.
කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව තරගයට ඊයේ (14 වැනිදා) සහභාගි වූ ලසිත් මාලිංග අයි. පී. එල්. තරගාවලියෙන් ඉවත්ව එංගලන්තය බලා පිටත්ව ගියේය. ලබන 20 වැනිදා එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන විස්සයි:20 තරගයේදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවරී තිබේ.
සුනිල් නරේන් (කොල්කටා නයිට් රයිඩර්ස්), සන්දීප් ශර්මා (කිංග්ස් XI පන්ජාබ්) සහ ප‍්‍රවීන් තම්බේ (රාජස්තාන් රෝයල්ස්) යන කී‍්‍රඩයකයෝ කඩුලූ 14 බැගින් දවාගෙන කඩුලූ ලයිස්තුවේ මාලිංගට පසුපසින් සිටිති.
2011 වසරේ අයි. පී. එල්. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා (කඩුලූ 28) ලෙස දම් පැහැති හිස්වැසුම දිනාගත් මාලිංග, 2012 වසරේදී වැඩිම කඩුලූ ලාභින් අතර (කඩුලූ 22) තෙවැනි ස්ථානයට පත්විය. කෙසේ වුවත් පසුගිය වසරේදී (2013) ඔහුට හිමිවූයේ වැඩිම කඩුලූ ලාභීන් අතර 9 වැනි ස්ථානයයි. එහිදී ඔහුට දවාගත හැකිවී ඇත්තේ කඩුලූ 20 ක් පමණි.
එදා මෙදා තුර අයි. පී. එල්. ඉතිහාසයේ වැඩිම කඩුලූ ලාභියා ලෙස හැදින්විය හැකි ලසිත් මාලිංග, තරගාවලි 6 කට (2009-2014) සහභාගී වෙමින් තරග 83 කදී කඩුලූ 119 ක් දවාගැනීමට සමත්වී ඇත. කඩුලූ 5 බැගින් දවාගත් එක් අවස්ථාවක් සහ කඩුලූ 4 බැගින් දවාගත් අවස්ථා 3 ක් ඊට ඇතුළත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.