Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අවසන් දිනයේදීත් වර්ෂාවෙන් බාධා

අවසන් දිනයේදීත් වර්ෂාවෙන් බාධා

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දිගින් දිගට වර්ෂාවෙන් බාධා පැමිණීමෙන් පසු අළු බඳුන තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වූ අද (25 වැනිදා) කී‍්‍රඩාව අඩ හෝරාවක ප‍්‍රමාදයකින් අනතුරුව ආරම්භ විය.

අද දිනයේ තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වූයේ සෙනසුරාදා රාති‍්‍රයේ වට වර්ෂාව හේතුවෙනි.

තරගයේ සිවුවැනි දිනය වූ සෙනසුරාදා සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර සිකුරාදා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියේය.  ඕස්ටේ‍්‍රලියානු පිල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 492 ක් ලබාගැනීමට සමත් විය.

එංගලන්තය මේ වන විටත් 3-0 ක් ලෙසින් අළු බඳුන තරගාවලියේ ජය හිමිකරගෙන සිටින අතර  ඕස්ටේ‍්‍රලියානු පිලට සැනසිලිදායක ජයක් හෝ ලබාගැනීමට නම් අද දිනයේ යැවිය යුතු  ඕවර 98 තුළදී සිය අපේක්‍ෂා සපුරාගත යුතුය.

 

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 492
(ෂේන් වොට්සන් 176, ස්ටීව් ස්මිත් නොදැවී 138, ජේම්ස් ඇන්ඩසන් 95/4)

එංගලන්තය - පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී 247 (සිකුරාදා තරගය නතර කරන විට)
(ඇලිස්ටෙයාර් කුක් 25, ජෝ රූට් 68, ජොනතන් ට්‍රොට් 40, කෙවින් පීටර්සන් 50, ඉයන් බෙල් නොදැවී 29, කි‍්‍රස් වෝක්ස් නොදැවී 15)

 

ඡයාරූපය : රොයිටර්


අදහස් (1)

අවසන් දිනයේදීත් වර්ෂාවෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.