Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට දඟ පන්දු යවන්නකු ලෙසින් අති විශිෂ්ට සාර්ථකත්වයක් අත්කරගත් රවිචන්ද්‍රන් අශ්වින් පා දඟ පන්දුව කෙරේ සිය අවධානය යොමු කළේ පන්දු යැවීමේදී පිතිකරුවා වික්ෂිප්ත කිරීමේ අටියෙනි. එහෙත් මේ දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරය කරමින් සිටින ඉන්දීය දඟ පන්දු යවන්නන්ට තණතීරු වලින් කිසිම ආකාරයේ සහයෝගයක් නොලැබෙන බැවින් අශ්වින් මඳ වේග පන්දු යැවම පිළිබඳව උනන්දු වී සිටී.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (13 වැනිදා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර සෙන්චූරියන් පිටියේදී අද පුහුණුවීම් කරමින් සිටි රවිචන්ද්‍රන් අශ්වින් පුහුණු දැළ තුළදී තරමක් වේගයෙන් පන්දු යවමින් සිටියේය. අශ්වින් උත්සාහ කරමින් සිටියේ පන්දුව වේගයෙන් යැවීමට වඩා පන්දුවේ මැස්ම උපයෝගී කරගනිමින් පන්දුව දෙපසට දෝලනය කිරීමටයි.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවන් ජයගත් හෙයින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී ඉන්දියාව මේ වන විටත් පසුපසින් සිටී.
මෙවර ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය මාස දෙකකට ආසන්න කාලයක් පුරා දිවෙන අතර තවමත් ගතවී ඇත්තේ සති දෙකක් පමණි. කේප් ටවුන්හිදී පැවැති එකම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම අශ්වින් විසින් යවන ලද්දේ ඕවර 8.1 ක් හෙවත් පන්දු 49 ක් පමණි. මෙම ටෙස්ට් තරගයේදී කඩුලු 40 ක් බිඳ වැටුණ නමුත් දඟ පන්දු යවන්නන්ට ලැබුණේ එකම කඩුල්ලක් පමණි. ඒ කගීසෝ රබාඩාගේ කඩුල්ල අශ්වින් විසින් දවාගන්නා ලද බැවිනි.
දකුණු අප්‍රිකාවේ තණතීරු මතදී දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් නොලැබෙන බව දන්නා බැවින් මඳ වේගී පන්දු යවමින් හෝ කඩුල්ලක් දෙකක් දවාගැනීමට උත්සාහ කිරීම කදිම අදහසකි. මක්නිසාද යත් අශ්වින් කණ්ඩායමේ සිටීම ඉන්දීය කණ්ඩායම සමබර කිරීමට හොඳ අවස්ථාවකි. මැද පෙළ පිතිකරුවකු ලෙසින්ද පන්දුවට පහර දිය හැකි අශ්වින් ඉතාමත් පළපුරුදු ක්‍රීඩකයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.