Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අෂ්රෆ්ගේ පන්දු යැවීම පාකිස්තානය දිනවයි

අෂ්රෆ්ගේ පන්දු යැවීම පාකිස්තානය දිනවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆහීම් අෂ්රෆ්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන කීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 25.1 ක් අවසානයේ ලකුණු 67 කට සීමා කිරීමට ෆහීම් අෂ්රෆ් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ අෂ්රෆ් ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීය. සිම්බාබ්වේ කණ්ඩායමක් එක්දින තරගයකදී ලකුණු 70 කට අඩුවෙන් දැවී ගිය 8 වැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු චමූ චිබාබා පන්දු 28 කදී ලකුණු 16 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් පෙර පිටියෙන් ඉවත්ව යෑම සිම්බාබ්වේ කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 68 ක පහසු ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 9.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ෆකාර් සමාන් පන්දු 24 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 43 ක් රැස්කළේය.

ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් ලකුණු නොළබා දැවී ගියද, බාබර් අසාම් (නොදැවී 19) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆකාර්, පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 34 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.


සිම්බාබ්වේ - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 67
(චමූ චිබාබා 16, ෆහීම් අෂ්ර්ෆ් 22/5, ජුනේඞ් ඛාන් 07/2)

පාකිස්තානය - ඕවර 9.5 කදී කඩුල්ලක් දැවී 69  
(ෆකාර් සමාන් නොදැවී 43, බාබර් අසාම් නොදැවි 19)


- 036

 


අදහස් (0)

අෂ්රෆ්ගේ පන්දු යැවීම පාකිස්තානය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.