Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 82 ක් පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තානය අද (2 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 205 ක් රැස්කළේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ බාබර් අසාම් පන්දු 58 කදී නොදැවී ලකුණු 97 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගිනි.
හුසේන් ටලට් (63) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අසාම් සමත් විය. පන්දු 41 කදී වාර්තා වූ හුසේන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 19.2 ත් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 15 සීමාව ඉක්මවා යෑමටත් පෙර දැවී යෑම කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් විය. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු චැඞ්වික් වෝල්ටන් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මොහොමඞ් අමීර් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත්තේ කොදෙව් නායක ජේසන් මොහොමඞ්ගේ කඩුල්ලද සමගිනි. ෂඩාබ් ඛාන් සහ හුසේන් ටලට් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීම සඳහා අමීර්ට අනගි සහයක් දුන්හ.
පාකිස්තාන පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 205
(බාබර් අසාම් නොදැවී 97, හුසේන් ටලට් 63, අසීෆ් අලී 14, ෂොයිබ් මලික් නොදැවී 17)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 123
(චැඞ්වික් වෝල්ටන් 40, ජේසන් මොහොමඞ් 15, ඩිනේෂ් රැම්ඩින් 21, කීමෝ පෝල් 17, මොහොමඞ් අමීර් 22/3, හුසේන් ටලට් 12/2, ෂඩාබ් ඛාන් 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.