Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න මේ වන විට සුවය ලබා ඇතත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පෙර තවත් තරගයකට හෝ දෙකකට සහභාගි විය යුතු යයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි. ජාතික කණ්ඩායමට එක්වීමේ අදහසින් පසුගිය බදාදා පුහුණු තරගයකට සහභාගිවූ අසේල ගුණරත්නගේ නවතම තත්ත්වය පිළිබඳ කළ විමසීමේදී තේරීම් කමිටු නිලධාරියෙක් අද (13 වැනිදා) මේ බව හෙළිකර සිටියේය.
“අසේල තවමත් සහභාගි වෙලා තියෙන්නේ එක්දින තරගයකට පමණයි. ඒත් එයා තවත් තරගයකට හෝ දෙකකට සහභාගි වෙනවා නම් හොඳයි..” යයි කී තේරීම් කමිටු නිලධාරියා...
“අසේලව පළමු ටෙස්ට් තරගයට සහභාගි කරවන්න අපට හදිසියක් නෑ. අපි එන්නේ කොහොමද කියලා බලමු” යයිද පැවසීය.
ටෙස්ට් තරග 6 කදී ශතකයක්ද සමගින් ලකුණු 455 ක් ලබා ඇති අසේල ගුණරත්න ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී තුවාල ලැබීය. ස්ලිප්හි සිට උඩපන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා ඔහුගේ වම් අතේ මහපටැඟිල්ලේ අස්ථියක් කැබලි වලට බිඳී ගියේය.
ජාතික කණ්ඩයමට එක්ව තවමත් ගතවී ඇත්තේ යන්තම් වසරක පමණ කාලයක් වූවත් ටෙස්ට් සහ එක්දින කාණ්ඩ දෙකේදීම ශතක ලබා සිටින අසේල ගුණරත්න විස්සයි-20 තරග 9 කදී අර්ධ ශතක දෙකක්ද ලබා තිබේ. විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ඔහුගේ ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කට ලකුණු 136 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.