Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අෆ්රීඩි ඩකා පිල අවසන් තරගයට ගෙනයයි

අෆ්රීඩි ඩකා පිල අවසන් තරගයට ගෙනයයි

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියලුම ආකාරයේ අන්තර්ජාතික තරග වලින් විශ්‍රාම ගොස් සිටියද ක්‍රිකට් දස්කම් අතින් තමන් තවමත් ඉදිරියෙන්ම සිටින බව මනාව පෙන්වාදුන් සහීඞ් අෆ්රීඩි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය කරා ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම කැඳවාගෙන ගියේය.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති පළමු තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 19 කදී ලකුණු 40 ක් ලබාගත් අෆ්රීඩි ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් කොමිලා වික්ටෝරියන්ස් පිල ලකුණු 95 කට සීමා කළේය.

එම තරගය බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ඩකා කණ්ඩායම ලකුණු 95 ක් පහසු ජයක් ලබාගත්තේය.

තරගයෙන් පරාජයට පත්වුවද, කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිව තිබේ. ඒ සඳහා ඔවුන් ඊයේ පැවැති පිළිමලුන් පිටුදැකීමේ තරගයේදී ජය ලැබූ රාංපූර් රයිඩරස් කණ්ඩායමට එරෙහිව තරග වැදී ඉන් ජය ලැබිය යුතුය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹා ගිය කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම ඕවර 18 ක් අවසානයේ ලකුණු 96 කට සීමා කිරීමට සහීඞ් අෆ්රිඩි ප්‍රමුඛ ඩකා පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ සහීඞ් අෆ්රිඩි ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක සකීබ් අල් හසන් සහ මොසද්දික් හුසේන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කොමිලා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ටමීම් ඉක්බාල් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් රැස්කළේය. එහෙත් පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දැවීයාම නිසා ඩකා කණ්ඩායමට සටනක් දීමට තිබූ අවස්ථාවද කොමිලා කණ්ඩායමට අහිමි විය.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සාර්ථක ආරම්භකයක් ලබාදුන් එවින් ලුවිස් පන්දු 32 කදී ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. ජෝ ඩෙන්ලි (32) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් වූ අතර පන්දු 25 කදී වාර්තා වූ ඩෙන්ලිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

කිරන් පොලාඞ් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක්ද, සහීඞ් අෆ්රිඩි පන්දු 19 කදී හයේ පහර 4 ක් සමග ලකුණු 40 ක්ද රැස්කරමින් ඩකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

හසන් අලී ලකුණු 16 කට කඩුලු 3 ක් බිඳහෙළමින් ඩකා කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට තිබූ අවස්ථාව අහිමි කළ අතර ඞ්වෙන් බ්‍රාවෝ ලකුණු 45 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 191
(එවින් ලුවිස් 47, ජෝ ඩෙන්ලි 32, කිරන් පොලාඞ් 31, සහීඞ් අෆ්රිඩි 30, හසන් අලී 16/3, ඞ්වෙන් බ්‍රාවෝ 45/2)

කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 18 කදී සියලු දෙනා දැවී 95
(ටමීම් ඉක්බාල් 31, හසන් අලී 18, මෙහෙදි හසන් නොදැවී 15, සහීඞ් අෆ්රිඩි 16/3, සකීබ් අල් හසන් 19/2, මොසද්දික් හුසේන් 24/2)


- 036

 


අදහස් (0)

අෆ්රීඩි ඩකා පිල අවසන් තරගයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.