Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඇන්ඩර්සන් ප්‍රසාද ලකුණු 900 පසුකරයි

ඇන්ඩර්සන් ප්‍රසාද ලකුණු 900 පසුකරයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 900 සීමාව පසුකළ හත්වැනි එංගලන්ත වේගපන්දු යවන්නා බවට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය. එංගලන්ත පන්දු යවන්නකු ප්‍රසාද ලකුණු 900 සීමාව පසුකරනු ලබන්නේ වසර 38 කට පසුවය. 1980 අගෝස්තු මාසයේදී ඉයන් බොතම් විසින් අවසන් වරට මෙම දස්කම කර ඇත.

ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක් දවාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 903 ක් හිමිකරගත් ගැනීමට ඇන්ඩර්සන් සමත්විය. 

සිඞ්නි බාර්න්ස් (932), ජෝර්ජ් ලෝමෑන් (931), ටෝනි ලොක් (912), ඉයන් බොතම් (911), ඩෙරික් අන්ඩර්වුඞ් (907) සහ ඇලෙක් බෙඞ්සර් (903) යන එංගලන්ත පන්දු යවන්නනගේ සමාජයට එක්වීමට ජේම්ස් ඇන්ඩර්සන්ට හැකිවිය. දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩාට වඩා ප්‍රසාද ලකුණු 21 ක් ඉදිරියෙන් ජේම්ස් ඇන්ඩර්සන් සිටී. 

එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 200 ක් රැස්කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ ප්‍රසාද ලකුණු 934 ක් හිමිකරගනිමින් පළමු ස්ථානයට පත්වූ විරාට් කෝලී දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව යළි දෙවැනි ස්ථානය දක්වා පහත වැටුණි. දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 40 ක් පමණක් රැස්කිරීම හේතුවෙන් විරාට් කෝලීට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ පහත වැටීමට සිදුවිය.

වසරක තරග තහනමකට ලක්වී සිටින ඕස්ටේ්‍රලියාවේ ස්ටීවන් ස්මිත්ට (929) වඩා ප්‍රසාද ලකුණු 10 ක් පසුපසින් විරාට් කෝලී (919) පසුවෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ හත්වැනි ස්ථානයේ දිමුත් කරුණාරත්නත් (754) අටවැනි ස්ථානයේ දිනේෂ් චන්දිමාල් (733) රැඳී සිටින අතර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී අටවැනි ස්ථානයේ රංගන හේරත් (791) රැඳී සිටියි.

 

 


අදහස් (0)

ඇන්ඩර්සන් ප්‍රසාද ලකුණු 900 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.