Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඇඹුල්දෙණියට සති හයක විවේකයක්

ඇඹුල්දෙණියට සති හයක විවේකයක්

Nisanka Sandeepani - 2019 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහපට ඇගිල්ලේ අස්ථි විසන්ධිවීමක් හේතුවෙන් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට සති හයක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමණාකාරීත්වය සඳහන් කරයි. 

දකුණු අප්‍රිකාවට එරෙහිව පෝට් එළිසබෙත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පන්දු යවමින් සිටියදී තමා වෙත පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට ගත් උත්සායකදී ඇඹුල්දෙණිය එම ආබාධයට ලක්ව තිබේ. ආබාධයට ලක්වීමත් සමග පිටියෙන් ඉවත්ව ගිය ඔහු, දකුණු අප්‍රිකානු ඉනිම නිමාවට පත්වන තෙක් නැවන පන්දු රැකීමට නොපැමිණියේය. 

ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් ඇඹුල්දෙණිය සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. එබැවින් පළමු වරට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් සොයා යන ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඹුල්දෙණියගේ අඩුව තදින්ම දැනෙනු ඇත. 

ඇඹුල්දෙණිය ආබාධයට ලක්වීමෙන් අනතුරුව පන්දු යැවීම සඳහා කැඳවූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජයද ද සිල්වා, දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ කඩුලු 2 ක් දවාගත්තේය. ඒ අනුව දෙවැනි ඉනිමේදීද ඔහුට ඇඹුල්දෙණියගේ අඩුව පිරවීමට සිදුවනු ඇත. 

-036 


අදහස් (0)

ඇඹුල්දෙණියට සති හයක විවේකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.