Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඇෆ්ගනිස්තානය 2-1 කින් පෙරමුණ ගනී

ඇෆ්ගනිස්තානය 2-1 කින් පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 109 ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තානය අද (8 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඇෆ්ගනිස්තානය හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 35.3 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 114 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෆ්ටාබ් අලාම් ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙළමින් අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමුවේය. ඒ සඳහා ඔහුට අනගි සහායක්දුන් මුජීබ් උර් රෙහෙමාන් සහ රෂීඞ් ඛාන් කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 49.1 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මොහොමඞ් නබී පන්දු 85 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය.

නායක අස්ගර් ඇෆ්ගන් (54) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නබී සමත් විය. පන්දු 70 කදී වාර්තා වූ අස්ගර්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 58 කට මුහුණදුන් රෂීඞ් ඛාන් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

 

ඇෆ්ගනිස්තානය - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 223
(අස්ගර් ඇෆ්ගන් 54, මොහොමඞ් නබී 64, රෂීඞ් ඛාන් 52, ජේම්ස් කැමරන් 32/3, ඇන්ඩි මැක්බ්‍රයන් 37/2, බොයිඞ් රැන්කින් 50/2)

අයර්ලන්තය - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 114
(කෙවින් ඕ’ බ්‍රයන් 26, විලියම් පොටර්ෆීල්ඞ් 21, සිමි සිං 20, අෆ්ටාබ් අලාම් 25/4, රෂීඞ් ඛාන් 22/2, මුජීබ් උර් රෙහෙමාන් 25/2)

-036

 


අදහස් (0)

ඇෆ්ගනිස්තානය 2-1 කින් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.