Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනව වූ අද (17 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඇෆ්ගනිස්ථානය කඩුල්ලක් දැවී ලකුණු 29 ක් ලබා ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 118 ක් පසුපසින් සිටියේය.
දිනය නිමාවට පත්වන විට කඩුල්ලේ රැදී සිටි ඉසනුල්ලා ජානට් නොදැවී ලකුණු 16 ක්ද, රාමට් ෂා නොදැවී ලකුණු 11 ක්ද බැගින් ලබා පන්දුවට පහර දෙමින් සිටියහ. ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොහොමඞ් ශේෂාඞ් පිටියෙන් ඉවත් කිරීමට ඇන්ඩි මැක්බ්‍රයන් සමත් විය. ස්ටුවට් පොයින්ට්නර්ගේ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ශේෂාඞ් ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
දෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 22 ක් ලබා සිටි අයර්ලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 266 ක් එක්කරගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඇන්ඩෘ බැල්බීන් හතරේ පහර 11 ක් සමග ලකුණු 82 ක් රැස්කිරීමට සමත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 33 වන විට කඩුලු 2 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ අයර්ලන්ත ඉනිමට නව ජවයක් එක්කළ බැල්බීන්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ජේම්ස් මැකලම් (39) සමග එක්ව ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
ඔවුන් දෙදෙනාගේ දැවීයාම් වලින් අනතුරුව තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කෙවින් ඕ’බ්‍රයන් පන්දු 78 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. ජෝජ් ඩොක්රෙල් (25) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් පවත්වමින් අයර්ලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඕ’බ්‍රයන් සමත් විය.
ටෙස්ට් ඉනිමකදී සිය හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ රෂීඞ් ඛාන් එහිදී ලකුණු 82 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. අයර්ලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා රෂීඞ්ට අනගි සහායක් දුන් යමීන් අහමඞ්සායි කඩුලු 3 ක්ද, වකාර් සලාම්ඛේලි කඩුලු 2 ක්ද බැගින් දවාගත්හ.
අයර්ලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 172
(පෝල් ස්ටාර්ලින් 26, ජෝජ් ඩොක්රෙල් 39, ටිම් මර්ටැග් නොදැවී 54, මොහොමඞ් නබී 36/3, යමීන් අහමඞ්සායි 41/3, රෂීඞ් ඛාන් 20/2, වකාර් සලාම්ඛේලි 35/2)
ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 314
(මොහොමඞ් ශේෂාඞ් 40, රාමට් ෂා 98, හස්රතුල්ලා ශහිදි 61, අස්ගර් ඇෆ්ගන් 61, ස්ටුවට් තොම්සන් 28/3, ජෝජ් ඩොක්රෙල් 63/2, ඇන්ඩි මැක්බ්‍රයන් 77/2, ජේම්ස් කැමරන් 94/2)
අයර්ලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 288
(ඇන්ඩෘ බැල්බීන් 82, ජේම්ස් මැක්ලම් 39, කෙවින් ඕ’බ්‍රයන් 56, ජෝජ් ඩොක්රෙල් 25, ජේම්ස් කැමරන් නොදැවී 32, ටිම් මර්ටැග් 27, රෂීඞ් ඛාන් 82/5, යමීන් අහමඞ්සායි 52/3, වකාර් සලාම්ඛේලි 66/2)
ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 29
(ඉසනුල්ලා ජානට් නොදැවී 16)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.