Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තයට එරෙහිව ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්ථානය අද (18 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
තෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 29 ක් ලබා සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ අද දිනයේදී තවත් කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කයට ලඟා වූහ. එහිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් 139 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉසනුල්ලා ජානට් (නොදැවී 65) සහ රාමට් ෂා (76) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
තරගය නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි ඉසනුල්ලා ජානට්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. ජේම්ස් කැමරන්ගේ පන්දුවක් හමුවේ ස්ටුවට් පොයින්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට රාමට් ෂාගේ අර්ධ ශතකය හතරේ පහර 13 කින් සමන්විත වී තිබිණ.
අයර්ලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 172
(පෝල් ස්ටාර්ලින් 26, ජෝජ් ඩොක්රෙල් 39, ටිම් මර්ටැග් නොදැවී 54, මොහොමඞ් නබී 36/3, යමීන් අහමඞ්සායි 41/3, රෂීඞ් ඛාන් 20/2, වකාර් සලාම්ඛේලි 35/2)
ඇෆ්ගනිස්ථාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 314
(මොහොමඞ් ශේෂාඞ් 40, රාමට් ෂා 98, හස්රතුල්ලා ශහිදි 61, අස්ගර් ඇෆ්ගන් 61, ස්ටුවට් තොම්සන් 28/3, ජෝජ් ඩොක්රෙල් 63/2, ඇන්ඩි මැක්බ්‍රයන් 77/2, ජේම්ස් කැමරන් 94/2)
අයර්ලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 288
(ඇන්ඩෘ බැල්බීන් 82, ජේම්ස් මැක්ලම් 39, කෙවින් ඕ’බ්‍රයන් 56, ජෝජ් ඩොක්රෙල් 25, ජේම්ස් කැමරන් නොදැවී 32, ටිම් මර්ටැග් 27, රෂීඞ් ඛාන් 82/5, යමීන් අහමඞ්සායි 52/3, වකාර් සලාම්ඛේලි 66/2)
ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 149
(ඉසනුල්ලා ජානට් නොදැවී 65, රාමට් ෂා 76)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.