Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හස්රතුල්ලා සසාල්ගේ (නොදැවී 162) විශිෂ්ට පිතිහරඹය හමුවේ විස්සයි20 තරගයදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳහෙළීමට ඇෆ්ඝනිස්ථානය ඊයේ (23 වැනිදා) සමත්විය. ඒ අනුව ඕස්ටේ්‍රලියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 263 ක් රැස්කරමින් තබා තිබූ වාර්තාව අලුත් කරමින් ලකුණු 278 ක් රැස්කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත්විය.
අයර්ලන්තයට එරෙහිව දෙහ්රාදූන්හිදී ඊයේ පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 84 කින් ජයගත් ඇෆ්ඝනිස්ථානය තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194 ක් පමණි.
වේගවත් ආරම්භයක් ලබාගත් අයර්ලන්ත නායක පෝල් ස්ටිලිංග් පන්දු 50 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 91 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ගේ නිසි සහයෝගය නොලැබීම හේතුවෙන් කණ්ඩායම පරාජයට පත්විය.
පෝල් ස්ටිලිංග් සහ කෙවින් ඕබ්‍රියන් පළමු කඩුල්ල සඳහා පන්දු 71 කදී ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
දක්ෂ පන්දු පන්දු යැවීමක නිරතවූ රෂීඞ් ඛාන් සිය ඕවර 4 ලකුණු 25 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක් රැස්කිරීමට සමත්විය.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හස්රතුල්ලා සසාල් පන්දු 62 කදී හයේ පහර 16 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 162 ක් රැස්කිරීමට සමත්විය. ඒ සමගින් විස්සයි20 තරගයකදී ක්‍රීඩකයකු රැස්කළ ඉහළම ලකුණු අතර දෙවැනි ස්ථානයට පත්වීමටද හස්රතුල්ලා සසාල් සමත්විය. පන්දු 76 කදී ලකුණු 172 ක් රැස්කළ ඕස්ට්‍රේලියාවේ ඒරන් ෆින්ච් විස්සයි20 තරගයකදී ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙයි.
ඒරන් ෆින්ච් විසින් එංගලන්තයට එරෙහිව හයේ පහර 14 ක් ලබාගනිමින් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීමේ වාර්තාව බිඳදැමූ හස්රතුල්ලා සසාල් අයර්ලන්තයට එරෙහිව හයේ පහර 16 ක් එල්ල කළේය.
ලකුණු 229 ක් රැස්කරමින් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් අයි.පී.එල් තරගයකදී විරාට් කෝලී සහ ඒ.බී.ඩිවිලියර්ස් විසින් තබා තිබූ ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාවද මෙම තරගයේදී බිඳ හෙළීමට හස්රතුල්ලා සසාල් සහ උස්මාන් ඝානී සමත්වූහ. පළමු කඩුල්ල සඳහා පන්දු 105 කදී ලකුණු 236 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔවුන් සමත්වූහ.
හස්රතුල්ලා සසාල්ට අනගි සහයක් ලබාදුන් උස්මාන් ඝානී පන්දු 48 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත්විය.
ඇෆ්ඝනිස්ථානය - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 278
(හස්රතුල්ලා සසාල් නොදැවී 162, උස්මාන් ඝානී 73)
අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 194
(පෝල් ස්ටිලිංග් 91, කෙවින් ඕබි්‍රයන් 37, ශේන් ගෙට්කේට් 24, රෂීඞ් ඛාන් 25/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.