Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජස්ප්‍රීට් බුම්රාගේ (85/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 521 ක ඉලක්කයක් හඹායන එංගලන්ත කණ්ඩායම නොටිංහැම්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනට අද (21 වැනිදා) තරගය අවසන් කරනවිට ලකුණු 311 කට කඩුලු 9 ක් අහිමිකරගෙන සිටියේය. තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායමට තවත් ලකුණු 210 ක් අවශ්‍යවන අතර ඉන්දීය කණ්ඩායමට අවශ්‍යවන්නේ එක් කඩුල්ලක් පමණි.
අදිල් රෂීඞ් ලකුණු 30 ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 8 ක් රැස්කරමින් අවසන් කඩුල් සඳහා ලකුණු 20 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩුල්ලේ රැඳී සිටිති.
තෙවැනි දිනට ඊයේ (20 වැනිදා) තරගය නතර කරනවිට කිසිවකු නොදැවී ලකුණු 23 ක් රැස්කර සිටි එංගලන්ත දෙවැනි ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනෙකුම අද දිවා ආහාරයට පෙර නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට ඉන්දීය වේගපන්දු යවන්නෝ සමත්වූහ.
අද දින තරගයේ යවන ලද පළමු සහ තෙවැනි ඕවරයේදී එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්වූ කීටන් ජෙනිංග් (13) සහ ඇලෙස්ටයාර් කුක් (17) පිටියෙන් ඉවත් කිරීමට ඉශාන්ත් ශර්මා සමත්විය. ජස්ප්‍රිට් බුම්රාගේ සහ මොහොමඩු ශාමීගේ පන්දු හමුවේ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 30 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සිටි ජෝ රූට් (13) සහ ඔලී පොප් දැවීයාමත් සමගින් එංගලන්ත කණ්ඩායම දැඩි අසීරූතාවයට පත්විය.
ලකුණු 62 කට කඩුලු 4 ක් අහිමිකරගෙන දැඩි අසීරූ අඩියක සිටි එංගලන්ත කණ්ඩායම ඉන් මුදවා ගනිමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 169 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට බෙන් ස්ටෝක්ස් සහ ජොස් බට්ලර් සමත්වූහ. දිවා ආහාරය සහ තේ පානය අතර කාළය තුළ ලකුණු 89 ක් ලබාගත් එංගලන්ත පිතිකරුවෝ කඩුල්ලක් ලබානොදීමට වගබලාගත්හ.
ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේ ජෝ රූට් ලකුණු 106 කට දැවීයාමත් සමගින් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ වැටුණි. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ජෝ රූට් දැවීයන විට පන්දු 176 කට මුහුණදී හතරේ පහර 21 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
ජෝ රූට් දැවීයාමත් සමගින් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ජොනී බෙයාර්ස්ටෝ මුහුණදුන් පළමු පන්දුවෙන්ම දවාගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත්විය. ඉන් නොනැවතුණු බුම්රා එංගලන්ත දෙවැනි ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වන විටදී ක්‍රිස් වෝක්ස් දවාගනිමින් ඔවුන්ව තව තවත් ආගාධය කරා රැගෙන යාමට සමත්විය.
ජොස් බට්ලර් සමගින් එක්ව කඩා වැටුණු ඉනිම ගොඩනැගීම සඳහා මහඟු කාර්යයක් ඉටුකළ බෙන් ස්ටෝක්ස් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් සුනුවිසුණු කිරීමට හර්දික් පාණ්ඩ්‍ය සමත්විය. ලකුණු 62 ක් රැස්කර සිටියදී ලෝකේෂ් රාහුල් අතට උඩපන්දුවක් දුන් බෙන් ස්ටෝක්ස් පන්දු 187 කට මුහුණදී සිටි අතර හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
ඉන්දීය පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ නවවැනි කඩුල්ල සඳහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ස්ටුවර්ට් බ්‍රෝඞ් (20) සහ අදිල් රෂීඞ් සමත්වූහ. ජස්ප්‍රීට් බුම්රාගේ පස්වැනි කඩුල්ල ලෙස බ්‍රෝඞ් දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයටද තිත තැබුණි.
ඉන්දියාව - පළමු ඉනිම 329
එංගලන්තය - පළමු ඉනිම 161
ඉන්දියාව - දෙවැනි ඉනිම 352/7
එංගලන්තය - දෙවැනි ඉනිම 311/9
(බෙන් ස්ටෝක්ස් 62, ජොස් බට්ලර් 106, අදිල් රෂීඞ් නොදැවී 30, ස්ටුවර්ට් බ්‍රෝඞ් 20, ජස්ප්‍රීට් බුම්රා 85/5, ඉශාන්ත් ශර්මා 70/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.