Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (7 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය කුවාලාලාම්පූර් නුවරදී පැවැත්විණ.
මෙම තරගය පරාජය වීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවට එහි සිවුවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ලකුණු 6 බැගින් ලබා දළ ලකුණු වේගයට අනුව පිළිවෙලින් එහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙයි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේදා ක්‍රිෂ්ණමූර්ති (නොදැවී 29) සහ අනූජා පාටලී (නොදැවී 19) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 40 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ආරම්භක පිතිකාරිණි මිතලි රාජ් හතරේ පහරක් සමග ලකුණු 23 ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට මනා දායකත්වයක් සැපයූහ.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සියලුදෙනාම පාහේ ඉන්දීය පිතිකාරිණියන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ අතර එහිදී එක් කඩුල්ල බැගින් හෝ දවාගැනීමට සමත් වූයේ උදේෂිකා ප්‍රබෝධනී, ඕෂධී රණසිංහ සහ නිලක්ෂි ද සිල්වා පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන තීරණය කළ නමුත්, ඕවර 20 අවසානයේදී ඔවුන්ට කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ හසිනි පෙරේරා පන්දු 43 කදී නොදැවී ලකුණු 46 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
ශ්‍රී ලංකා පිතිකාරිණියන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද දස්කම් දැක්වූ එක්තා බිෂාට් කඩුලු 2 ක් දවාගනිමින් දුවද්දී දවාගැනීම් දෙකකටද දායක වූහ.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 107
(යසෝදා මෙන්ඩිස් 27, හසිනි පෙරේරා නොදැවී 46, එක්තා බිෂාට් 20/2)
ඉන්දීය කාන්තා පිල - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 110
(මිතලි රාජ් 23, හර්මන්ප්‍රීත් කෞර් 24, වේදා ක්‍රිෂ්ණමූර්ති නොදැවී 29, නූජා පාටලී නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.