Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රිකට් සංගමය මෙහෙයවන නැඟීඑන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 කින් ශ්‍රී ලංකා පිල පරාජය කළහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඉන්දියාව තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් ද, ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 4 ක් ද, හිමිකරගත්තේය.
පාකිස්තානයේදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගවලින් පාකිස්තානය සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ද, දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ද, අනිද්දා (13 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ඉන්දීය පිල ලකුණු 261 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 47.3 කදී කඩුලු හයක් දැවී සම්පූර්ණ කළේය.
හිම්මාට් සිං අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 140 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 126 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.
රුටුරාජ් ගයික්වාද් සහ හිම්මාට් සිං තෙවැනි කඩුල්ලට පැවැත්වූ ලකුණු 148 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලෙන් තරගයේ වාසිය ගිළිහුණි.
රුටුරාජ් ගයික්වාද් පන්දු 73 කදී හතරේ පහර පහක් සහ හයේ පහරක් සමගින් ලකුණු 67 ක් රැස් කළේය.
වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු යැවූ ඉනිමේ පළමු පන්දුවේදීම අතර්වා ටයිඬේ දැවී ගියේය.
අවිෂ්ක ප්‍රනාන්දු 38 වැනි ඕවරයේ දැවී යෑම මෙන්ම නායක සම්මු අෂාන් ලකුණු නොලබා දැවී යෑමෙන් ඉනිම මන්දගාමී වූ අතර ඒ හේතුවෙන් පහසුවෙන් ලකුණු 275 පසු කිරීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පිලෙන් මඟ හැරුණි.
ආබාධයක් හේතුවෙන් ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ලකුණු අතරට පැමිණෙමින් පන්දු 64 කින් නොදැවී ලකුණු 67 ක් රැස් කළේය. අසේලගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්විය.
විසිහැවිරිදි අවිෂ්ක ප්‍රනාන්දු දුර්වල පන්දුව තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කළ ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට හොඳ බලාපොරොත්තුවක් බවට පත්විය. අවිෂ්ක පන්දු 66 කින් අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව ද කිසිඳු කළබලයක් ප්‍රදර්ශනය නොකිරීම කැපී පෙනුණි.
අවිෂ්ක පන්දු 106 කින් ලකුණු 80 ක් රැස්කළ අතර එය හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සැරසුණි.
ප්‍රවේගකාරි පිතිකරු කමිඳු මෙන්ඩිස් ලකුණු 12 ක් ලබා සිටියදී ශාම්ස් මුලානිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
ෂෙහාන් ජයසූරිය පන්දු 42 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38 ක් රැස්කර සිටියදී කඩුල්ල විවෘත කර පහර ගැසීමට යෑමෙන් කඩුල්ල ජූජා කළේය.
ශ්‍රී ලංකා එක්දින වරම් ලාභීන් වන අවිෂ්ක ප්‍රනාන්දු සහ ෂෙහාන් ජයසූරිය තෙවැනි කඩුල්ලට පන්දු 90 කින් ලකුණු 72 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ගෙනඒමට සමත් වූහ.
සඳුන් වීරක්කොඩි පන්දු 21 කින් හතරේ පහර හතරක් සමගින් ලකුණු 23 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
යොවුන් පිතිකරු හසිත බෝයගොඩ (06) දකුණතින් වේග පන්දු යවන ප්‍රසිද් ක්‍රීෂ්ණාගේ පන්දුවකට පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට චාමික කරුණාරත්න කැඳවූ අතර ජෙහාන් ඩැනියල්ට ස්ථානය අහිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.