Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිත්‍ය නායක විරාට් කෝලි ඇතුළු ප්‍රබලතම ක්‍රීඩකයක් හය දෙනකු විවේක ගැන්වූ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත් ෂර්මාට පැවරීය. විස්සයි-20 තරගාවලියක් වන නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියකි.
දිගින් දිගටම තරග වලට සහභාගි වෙමින් සිටි ඉන්දීය පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයක් හය දෙනකු නිදහස් කුසලාන තරගාවලියෙන් නිදහස් කරමින් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් රෝහිත් ෂර්මාට බාර දී තිබේ.
විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා විවේක ගැන්වූ ක්‍රීඩකයෝ වෙති. කඩුලු රකින්නා වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ස්ථානය දිල්ලි පිලේ රිෂාබ් පන්ට්ට හිමිවී ඇතත් කණ්ඩායමේ සිටින දිනේෂ් කාර්තික්ටද කඩුලු රැකීමේ හැකියාව තිබේ.
“නිදහස් කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී අපි ක්‍රීඩකයන්ගේ වෙහෙස ගැනත් කල්පනාවෙන් කටයුතු කළා...මේ වගේ උසස් දස්කම් දක්වන කණ්ඩායමක් විවිධ ආබාධවලට ලක්නොවී ආරක්‍ෂා කරගන්න නම් අවශ්‍ය තරමට විවේකයත් ඕනෑ වෙනවා” යයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන එම්.එස්.කේ. ප්‍රසාද් මහතා පැවසීය.
කණ්ඩායමට අලුතින් එක්වන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තේරීම් කමිටුව විශාල විශ්වාසයක් තබා තිබේ. දීපාක් හූඩා ඉතා වේගයෙන් ලකුණු රැස්කළ හැකි මෙන්ම දැවැන්ත පහර කරා යා හැකි ක්‍රීඩකයෙකි. පසුගියදා නිමාවූ විජය හසාරේ කුසලාන තරගාවලියේදී පන්දු 50 කින් ශතකයක් ලබාගැනීමට දීපාක් හූඩා සමත් වූයේය. තවත් තරගාවලියකදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය) පන්දු 100 කට ලකුණු 150 කි.
වොෂින්ංටන් සුන්දර් පිට දඟ පන්දු යවන්නකු වන නමුත් ලකුණු වේගය මෙන්ම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවද වැඩිකළ හැකි පිතිකරුවෙකි. දිල්ලි පිලේ නායකයාද වන රිෂාබ් පන්ට් කඩුලු රකින්නා පමණක් නොව වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවෙක්ද වෙයි. හිමචාල් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති තරගයකදී පන්දු 38 කින් ලකුණු 116 ක් ලබාගැනීමටද පන්ට් සමත්විය.
නවකයන් පස්දෙනක සිටින නමුත් සුරේෂ් රයිනා, ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල් මෙන්ම දිනේෂ් කාර්තික් යන පළපුරුදු ක්‍රීඩකයෝද ඉන්දීය පිලට ඇතුළත්ව සිටිති.
නිදහස් කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකාර් ධවාන් (උප නායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනීෂ් පාණ්ඬේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂින්ග්ටන් සුන්දර්, යුෂ්වේන්ද්‍ර චාහල්, අක්ෂර් පතෙල්, විජේ ශන්කර්, ෂර්දුල් ඨාකූර්, ජයදේව් උන්ක්ඩාත්, මොහොමඞ් සිරාජ් සහ රිෂාබ් පන්ට්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.