Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිවුදින තරග 2 කින් සහ එක්දින තරග 5 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දීය යොවුන් (වයස 19 න් පහළ) කණ්ඩායම ජූලි මස 11 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
ඉන්දීය කණ්ඩායම ජූලි මස 13 සහ 14 යන දිනවල කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී දෙදින පුහුණු තරගයකට සහභාගි වීමට නියමිත අතර ඔවුන් සහභාගි වන පළමු සිවුදින තරගය ජූලි මස 17 වැනිදා ආරම්භ වේ.
දෙවැනි සිවුදින තරගය 24 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර පී. සරවනමුත්තු, එස්.එස්.සී. සහ මොරටුව යන ක්‍රීඩාංගණවලදී එක්දින තරග 5 පැවැත්වේ.
තරග කාලසටහන
පළමු සිවුදින තරගය - ජූලි මස 17 සිට 20 දක්වා - කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
දෙවැනි සිවුදින තරගය - ජූලි මස 24 සිට 27 දක්වා - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
පළමු එක්දින තරගය - ජූලි මස 30 වැනිදා - කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
දෙවැනි එක්දින තරගය - අගෝස්තු මස 2 වැනිදා - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
තෙවැනි එක්දින තරගය - අගෝස්තු මස 5 වැනිදා - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
සිවුවැනි එක්දින තරගය - අගෝස්තු මස 7 වැනිදා - මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
පස්වැනි එක්දින තරගය - අගෝස්තු මස 10 වැනිදා - මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.