Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු යොවුන් ටෙසට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 21 ක පහසු ජයක් ලැබීමට ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම අද (20 වැනිදා) සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 345 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණ පා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 324 ක් පමණි. තෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නරත කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 147 ක් එක්කර ගත්හ.
එහිදී ඉතා දක්ෂ පිතිහරඹයක නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 134 කදී ලකුණු 78 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගිනි. පසිඳු සූරියබණ්ඩාර (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු, ඉන් නොනැවතී සඳුන් මෙන්ඩිස් (37) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
පන්දු 97 කට මුහුණදුන් පසිඳු හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 23 ක් රැස්කිරීමට නිපුන් මාලිංග සමත් විය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉනිමකින් පරාජය කිරීම සඳහා පුරෝගාමී වූ මෝහිත් ජන්ග්‍රා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 72 කට කඩුලු 5 ක් දවාගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ද සමගිනි. එහිදී ඔහුට අනගි සහායක් දුන් අයුෂ් බදෝනි ලකුණු 57 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.