Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දීය යොවුන් පිල තරගාවලිය සමකරයි

ඉන්දීය යොවුන් පිල තරගාවලිය සමකරයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති සිවුවැනි තරගයෙන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 135 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ 2-2 ක් ලෙස සම කිරීමට ඉන්දීය යොවුන් පිල  සමත් විය.
 
ලකුණු 279 ක ජයග්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 37.2 කදී ලකුණු 143 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. 
 
ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 59 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. 
 
මෙම තරගාවලිය පුරාම ඉන්දීය යොවුන් පිල වෙනුවෙන් දස්කම් දැක්වූ අයාෂ් බදෝනි සහ හර්ෂ් ත්‍යාගි කඩුලු තුන බැගින් දවා ගනිමින් ජයග්‍රහණය පහසු කළහ. ඉන්දීය යොවුන් පිලේ දෙව්දූට් පාඩික්කල් (71), ආර්යන් ජුයල් (60) සහ යාෂ් රතෝද් (56) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ. දෙව්දූට් පාඩික්කල් පන්දු 91 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය. 
 
ශ්‍රී ලංකා යොවුන් පිලේ අවිෂ්ක ලක්‍ෂාන් සහ සඳුන් මෙන්ඩිස් පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.
 
ඉන්දීය යොවුන් නායක ආර්යන් ජුයල් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 
 
මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර, නවෝද්‍ය විජයකුමාර, මුදිත ලක්‍ෂාන් සහ රුවින් පීරිස් යොවුන් යොවුන් එක්දින තරග  වරම් හිමිකරගත්හ.   
 
දෙපිල අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අනිද්දා (10) පැවැත්වීමට නියමිතය.    
 
ලකුණු පුවරුව
 
ඉන්දීය වයස 19 න් පහළ පිල
අතර්වා ටයිඬේ - ඇ. කමිල් ප. විජයකුමාර 20
දෙව්දූට් පාඩික්කල් - ප. අවිෂ්ක ලක්ෂාන් 71 
පවන් ෂා -- ඇ. දිනූෂ ප. සඳුන් 36
ආර්යන් ජුයල් - ස්ටම්ප් කමිල් ප. දුල්ෂාන් 60
යාෂ් රතෝද් - ඇ. පරණවිතාන ප. සඳුන් 56  
අයාෂ් බදෝනි - ඇ. විජයකුමාර ප. අවිෂ්ක ලක්‍ෂාන් 0
සමීර් චෞද්‍රි - නොදැවී 24
මෝහිත් ජන්ග්‍රා - නොදැවී 1
අතිරේක 10
එකතුව ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී 278
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
සිද්ධාර්ත් දේසායි, හර්ෂ් ත්‍යාගි, ආකාෂ් පාණ්ඬේ
කඩුලු වැටීම:
1-33(ටයිඬේ), 2-127(පවන්), 3-148(පාඩික්කල්), 4-240(ජුයල්), 5-241(බදෝනි), 6-274(රතෝද්)
පන්දු යැවීම: 
නිපුන් මාලිංග: 6-0-23-0, රුවින් පීරිස්: 4-0-38-0, නවෝද්‍ය විජයකුමාර: 3-0-22-1, අවිෂ්ක ලක්‍ෂාන්: 10-0-48-2, ශෂික දුල්ෂාන්: 10-0-44-1, සඳුන් මෙන්ඩිස්: 8-0-37-2, නවෝද් පරණවිතාන: 7-0-52-0, නිපුන් ධනංජය: 2-0-14-0
 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල  
නවෝද් පරණවිතාන -- ප. බදෝනි 45
කමිල් මිෂාර --- ඇ. ජුයල් ප. පාණ්ඬේ 0
නිපුන් ධජනංජය --- ඇ. සහ ප. ත්‍යාගි 36
සොනාල් දිනූෂ - ක. මූ. කළා ප. බදෝනි 3
සඳුන් මෙන්ඩිස් - ප. බදෝනි 4
නවෝද්‍ය විජයකුමාර - ඇ. ත්‍යාගි ප. ටයිඬේ 8
මුදිත ලක්‍ෂාන් - ඇ. ජුයල් ප. ත්‍යාගි 18
නිපුන් මාලිංග -- ඇ. පවන් ප. ග්‍යාගි 0
රුවින් පීරිස් - ක. මූ. කළා ප. දේසායි 10
ශෂික දුල්ෂාන් - නොදැවී 2
අවිෂ්ක ලක්‍ෂාන් - දුවද්දී දැවී ගියා 9
අතිරේක 8
එකතුව ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 143
කඩුලු වැටීම:
1---4(කමිල්), 2---64(පරණවිතාන), 3---70(දිනූෂ), 4---74(සඳුන්), 5---99(ධනංජය), 6---107(විජයකුමාර), 7---112(මාලිංග), 8---132(මුදිත ලක්‍ෂාන්), 9---132(රුවින්), 10---143(අවිෂ්ක ලක්‍ෂාන්)
පන්දු යැවීම:
මෝහිත් ජන්ග්‍රා: 4-0-15-0, ආකාෂ් පාණ්ඬේ: 4-0-19-1, අයාෂ් බදෝනි: 10-0-35-3, සිද්ධාර්ත් දේසායි: 9-0-36-1, හර්ෂ් ත්‍යාගි: 8.2-1-37-3, අතර්වා ටයිඬේ: 2-1-1-1
 
ඡායාරූප: චතුර එස්. කොඩිකාර

අදහස් (0)

ඉන්දීය යොවුන් පිල තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.