Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ එක්දින තරගාවලිය දිනති

ඉන්දියානුවෝ එක්දින තරගාවලිය දිනති

Nisanka Sandeepani - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති 5 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලැබූ ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ඕවර 42.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී  එම ඉලක්කය පසුකර ගියහ. ඉන්දීය ජග්‍රහණයේ නියමුවා බවට පත් වූ ආරම්භක පිතිකරු යශස් ජයිස්වාල් පන්දු 128 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 114 ක් රැස්කළේය.

දේව්දූත් පඩික්කාල් (38) සමග එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 95 කදී ලකුණු 71 ක්ද, පවන් ෂා (36) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 82 කදී ලකුණු 72 ක්ද එක්කළ ජයිස්වාල්, ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. පන්දු 48 කදී වාර්තා වූ පඩික්කාල්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 45 කදී වාර්තා වූ පවන් ෂාගේ ඉනිමට  හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඉන් නොනැවතුන ජයිස්වාල් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ආර්යන් ජුයාල් (නොදැවී 22) සමග එක්ව පන්දු 76 කදී ලකුණු 71 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.  පන්දු 35 කට මුහුණදුන් ජුයාල් හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසීය.

පන්දු යවන්නන් 6 දෙනකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක නිපුන් ධනංජය කටයුතු කළද ඔවුන් අතරින් ලක්ෂිත මානසිංහ සහ අවිෂ්ක ලක්ෂාන් හැරුණුකොට සෙසු පන්දු යවන්නෝ කඩුලු දවාගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 212 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ  නිෂාන් මධුෂංක, පන්දු 136 කදී ලකුණු 95 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි.  ශතකය පෙනි පෙනී තිබියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් මධුෂංක දැවී ගියේ මෝහිත් ජංග්‍රාගේ පන්දුවක් හමුවේ පුල් පහරක් ගැසීමට ගත් උත්සාහයක් වැරදී යෑමෙනි.

පළමු කඩුල්ල ලෙස ලකුණු 17 ක් ලබා සිටි නවෝද් පරණවිතාන පිටියෙන් ඉවත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණක් එක්වන විට නායක නිපුන් ධනංජය දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ධනංජය ලකුණු නොලබා දැවී යෑමත් සමග ලකුණු 33 කට කඩුලු 2 ක් ලෙස අසීරු තත්වයකට පත්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් නිෂාන් මධුෂංක, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නුවනිඳු ප්‍රනාන්දු (56) සමග එක්ව පන්දු 125 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. හර්ෂ් ත්‍යාගිගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 68 කට මුහුණදී සිටි නුවනිඳු, සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් අලංකාර කර තිබිණ.

ඉන් අනතරුව පිටියට පිවිසි පසිඳු සූරියබණ්ඩාර පන්දු 27 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා නිපුන් මධුෂංකට අනගි සහායක් ලබා දුන්නේය. කෙසේ වුවත් ඔවුන් දෙදෙනා අතර පැවැති සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 37 කට සීමා කරමින් පසිඳු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට සිද්ධාර්ත් දේසායි සමත් විය.

එතැන් පටන් ලකුණු 39 ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ඉන්දීය යොවුන් පන්දු යවන්නෝ, ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ අවසන් ඕවර 10 ලකුණු 37 කට සීමා කිරීමටද සමත් වූහ.

 

නවනිදු-

ශමීර්--කඩුල්ලක්-ලබා-

නිශාන්---සහ--නවනිදු

0S3A9431_edited කඩුල්ලක්-ලබා--(4)  

 

ශ්‍රී ලංකා - ඉන්දීය වයස 19 න් පහළ ක්‍රිකට් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 

 

අදහස් (0)

ඉන්දියානුවෝ එක්දින තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.