Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

ඉන්දියාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තියුණු තරගයක් නැරඹීමේ මහත් බලාපොරොත්තු ඇතිව ක්‍රිකට් ලෝලීන් ප්‍රවේශපත් මිලදී ගත් නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිටි ක්‍රීඩාංගණයේදී කළ ඒකපාර්ශ්වික තරගයකින් පසු ඉන්දියානුවෝ පාකිස්තානය කඩුලු 8 කින් පරාජය කළහ. ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයේදී පාකිස්තානු පිලෙන් ලැබුණු ලකුණු 163 ක ඉලක්කය හඹා යාමට ඉන්දීය පිතිකරුවන් මුහුණ දුන්නේ ඕවර 29 කට පමණි.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රෝහිත් ෂර්මා (52) සහ ෂිකාර් ධවාන් (46) එක්ව ඕවර 13 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් පසු අම්බටි රයියදු සහ ෂිකාර් ධවාන් එක්ව ඉතිරි ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් පාකිස්තානු පිතිකරුවන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දැමූ කේදර් ජාදව් සහ බුවනේෂ්වර් කුමාර් පාකිස්තානු ඉනිම ලකුණු 162 කට සීමා කළහ. වේග පන්දු යවන්නකු වන බුවනේෂ්වර් කුමාර් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් අතර පිට දඟ පන්දුයවන ජාදව්ගේ පන්දු යැවීම හේතුවෙන් ඕවර 50 නිමා වීමටත් මත්තෙන් පාකිස්තානු ඉනිම අහවර විය.

ඕවර 5 ක් ඇතුළතදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෆකර් සමාන් (0) සහ ඉමාම් උල් හක් (2) පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් සමත් වූයේය. එහෙත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ බාබර් අසාම් සහ ෂොයිබ් මලික් ඉනිම පිළිසකර කළහ.

22 වැනි ඕවරයේදී කුල්දීප් යාදව් විසින් යවන ලද මායාකාරී පන්දුවකින් බාබර් අසාම් දැවී යාමෙන් පසුව පාකිස්තානු පිලේ අවසන් කඩුලු හතම ලකුණු 22 ක් තුළදී ඇද වැටිණ.

පන්දු 62 කට මුහුණ දෙමින් ලකුණු 47 ක් ලබාගත් බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් වි තිබිණ. ලකුණු 26 දී දෙන ලද උඩපන්දුව අතහැරීමෙන් ප්‍රයෝජන ගත් ෂෙයිබ් මලික් පන්දු 67 කට පසුව දැවී ගියේ අම්බටි රයියදුගේ විශිෂ්ට පන්දු විසිකිරීමකිනි.

හර්දික් පාණ්ඩ්‍යා පන්දු යවමින් සිටියදීම ඇද වැටීමෙන් පසුව ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන ගියේ ගිලන් මැස්සක තබා ගැටගැසීමෙන් පසුවය. පසුව තහවුරු වූයේ ඔහුගේ පිට කොන්දේ පහළ  ප්‍රදේශයේ සියුම් පිපිරීමක් ඇතිවී තිබෙන බවකි.

මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වූවත් ඉන්දියාව මෙන්ම පාකිස්තානයද තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිති. අනෙක් කාණ්ඩයෙන් බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය සුපිරි 4 දෙනාගේ වටයට සුදුසකම් ලබා ඇත.

 


පාකිස්තානය  - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 162 යි
(බාබර් අසාම් 47, ෂොයිබ් මලික් 43, ෆහීම් අශ්රාෆ් 21, මොහොමඞ් අමීර් නොදැවී 18, බුවනේෂ්වර් කුමාර් 15/3, ජස්ප්‍රීට් බුම්රා 23/2, කේදර් ජාදව් 23/3)

ඉන්දියාව  - ඕවර 29 කදී කඩුලු 2 ක් දැවී 164
(රෝහිත් ෂර්මා 52, ෂිකාර් ධවාන් 46, අම්බටි රයියදු නොදැවී 31, දිනේෂ් කාර්තික් නොදැවී 31)

 

 


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 8 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.