Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක්

ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උමේෂ් යාදව් ඇතුළු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එරෙහිව හයිඩ්‍රාබාද්හිදි පැවැති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය. ඒ අනුව තරගය 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 72 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම කිසිවකු නොදැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. තරගය අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි ප්‍රිත්ව් ෂෝ ලෝකේෂ් රාහුල් ලකුණු 33 බැගින් රැස්කිරීමට සමත්වූහ.

දෙවැනි දිනයට ඊයේ (13 වැනිදා) තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 308 ක් රැස්කර සිටියේය. නමුත් අද දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 367 ක් පමණි.

පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 152 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අජින්ක්‍යා රහනේට සහ රිෂාබ් පාන්ට්ට ශතකය කරා යෑමට කොදෙව් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා නොදුන්නෝය. තෙවැනි දිනට තරගය ආරම්භවී යවන ලද තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී ජේසන් හොල්ඩර්ගේ පන්දුවක් හමුවේ ෂායි හෝප්ට දුන් උඩපන්දුවක් රැකගැනීම නිසා ලකුණු 80 ක් රැස්කර සිටි අජින්ක්‍යා රහනේට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු 183 කට පහරදුන් රහනේගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

අජින්ක්‍යා රහනේ දැවී ගිය ඕවරයේ තෙවැනි පන්දුවේදී රවින්ද්‍ර ජදේජා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීම ඉන්දීය කණ්ඩායමට දැඩි පාඩුවක් විය.

ශතකයට ලකුණු 8 ක් මෙපිටින් සිටි රිෂාබ් පාන්ට්, ශැනන් ගේබ්‍රියල්ගේ පන්දුවක් හමුවේ ශිම්රන් හැට්මයර් අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය. දැවීයනවිට පන්දු 134 කට මුහුණදී සිටි පාන්ට් හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 කින් සිය ඉනිම අලංකාර කිරීමට සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජේසන් හෝල්ඩර් කඩුලු 5 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ශැනන් ගේබි්‍රයල් කඩුලු 3 ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 56 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි. ලකුණු 38 ක් රැස්කළ සුනිල් ඇම්බි්‍රස් කොදෙව් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

පළමු ඉනිමේදී කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ උමේෂ් යාදව් කොදෙව් පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදෙමින් දෙවැනි ඉනිමේදීද කඩුලු 4 ක් දවාගත් අතර රවින්ද්‍ර ජදේජා කඩුලු 3 ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.

කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ උමේෂ් යාදව් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් සහ දෙවැනි තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් ප්‍රිත්ව් ෂෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.


බටහිර ඉන්දිය කොදෙව් පළමු ඉනිම- ඕවර 104.1 කදි සියලුදෙනා දැවී 311
(කිරන් පවෙල් 22, ශායි හෝප් 36, රොස්ටන් චේස් 106, ශේන් ඩව්රිච් 30, ජේසන් හෝල්ඩර් 52 , උමේෂ් යාදව් 88/6, කුල්දීප් යාදව් 85/3)

ඉන්දීය පළමු ඉනිම - ඕවර 106.4 කදී සියලුදෙනා දැවී 367
(ප්‍රිත්ව් ෂෝ 70, විරාට් කෝලී 45, අජින්ක්‍යා රහනේ 80, රිෂාබ් පාන්ට් 92, රවිචන්ද්‍රන් අශ්වින් 35, ජේසන් හෝල්ඩර් 56/5, ශැනන් ගේබි්‍රයල් 107/3, ජොමෙල් වොරිකන් 84/2)

බටහිර ඉන්දිය කොදෙව් දෙවැනි ඉනිම - ඕවර 46.1 කදි සියලුදෙනා දැවී 127
(ෂායි හෝප් 28, සුනිල් ඇම්බ්‍රිස් 38, උමේෂ් යාදව් 45/4, රවින්ද්‍ර ජදේජා 12/3, රවිචන්ද්‍රන් අශ්වින් 24/2


ඉන්දීය දෙවැනි ඉනිම - ඕවර 16.1 කදී කිසිවකු නොදැවී 75

(ප්‍රිත්ව් ෂෝ නොදැවී 33, ලෝකේෂ් රාහුල් නොදැවී 33)

 


අදහස් (0)

ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.