Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව ලකුණු 166 ක් ඉදිරියෙන්

ඉන්දියාව ලකුණු 166 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් දැවී ලකුණු 151 ක් ලබාගත් ඉන්දියානුවෝ ඇඩිලේඞ් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (8 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට සත්කාරක ඕස්ට්‍රේලියානු පිලට වඩා ලකුණු 166 ක් ඉදිරියට පැමිණ සිටියේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 235 කට සීමා කළ හෙයින් මුල් ඉනිමේදී ලකුණු 15 ක් ඉදිරියට එමින්තරගයේ වාසියට අත තබාගැනීමට ඉන්දියානුවෝ මේ වන විටත් සමත්ව සිටිති.

විරාට් කෝලි දැවී ගිය නමුත් පවුරක් වන් පිතිකරු චෙටේස්වාර් පුජාරා ලකුණු 40 ක් ලබාගනිමින් නොදැවී පිටියේ සිටී. පළමු ඉනිමේදීත් ඉන්දීය කඩුලු 6 ක් ලකුණු 127 කට බිඳ වැටුණු අවස්ථාවේදී සිය කණ්ඩායම වෙනුවෙන් නැඟී සිටි පුජාරා ශතකයක් ලබාගත්තේය. ඉන්දීය පිලට මුල් ඉනිමේ වාසිය ගෙන ආවේ මෙම ශතකයයි. දෙවැනි ඉනිමේදී ඉන්දීය පිලේ දෙවැනි කඩුල්ල ලකුණු 76 කට බිඳ වැටුණ නමුත් විරාට් කෝලි සමග එක්වූ පුජාරා ලකුණු 71 ක් සම්බන්ධතාවක් ගොඩනැංවීය.

විනිසුරු නයිජල් ලොන්ග් මහතා විසින් පුජාරා දැවී ගිය ක්‍රීඩකයකු යයි දෙවරක්ම නම්කරන ලද නමුත් විතීවි සහයෝගය ලබාගනිමින් තම කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට පුජාරාට හැකිවී තිබේ.

ලකුණු 34 කට දැවී ගිය නමුත් මෙම ඉනිමේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව සිය 1000 වැනි ටෙස්ට් ලකුණ වාර්තා කිරීමට විරාට් කෝලිට හැකිවිය. ඉන්දීය පිතිකරුවන් අතුරින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 ක් සම්පූර්ණ කර ඇත්තේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රවීඞ් පමණි.

 

ඉන්දියාව - පළමු ඉනිම 250
(චෙතේෂ්වර් පුජාරා 123, රෝහිත් ශර්මා 37, රිෂාබ් පාන්ට් 25. රවිචන්ද්‍රන් අශ්වින් 25, ජොෂ් හේසල්වුඩ් 52/3, පැට් කමින්ස් 49/2, මිචෙල් ස්ටාර්ක් 63/2, නේතන් ලයන් 83/2)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - 235
(මාකස් හැරිස් 26, උස්මාන් කවාජා 28, පීටර් හැන්ඞ්ස්කෝම්බ් 34, ට්‍රැවිස් හෙඞ් 72, පැට් කමින්ස් 10, මිචෙල් ස්ටාක් 15, නේදන් ලයන් නොදැවී 24, රවිචන්ද්‍රන් අශ්වින් 57/3, ඉශාන්ත් ශර්මා 47/2, ජස්ප්‍රීට් බුම්රා 47/2, මොහොමඞ් ශාමි 58/2)
   


අදහස් (0)

ඉන්දියාව ලකුණු 166 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.