Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියානුවෝ එක්දින තරගාවලිය සමකරති

ඉන්දියානුවෝ එක්දින තරගාවලිය සමකරති

ශනුක අරවින්ද - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය 39 වැනි එක්දින ශතකය ලබාගත් විරාට් කෝලි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආ නමුත් ලකුණු 104 දී දැවී ගියේය. එහෙත් අත්‍යවශ්‍යම අවස්ථා දෙකකදී හයේ පහර දෙකකින් ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නන්ට සැලකූ මහේන්ද්‍ර සිං දෝනි ඇඩිලේඞ් ඕවල් පිටියේදී අද (15 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදි කඩුලු 6 ක ජයක් කරා ඉන්දීය පිල කැඳවාගෙන ගියේය.

මෙම ජයග්‍රහණයත් සමගින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද ඉන්දීය පිලට හැකිවිය. දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියේදී ඉන්දියානුවෝ 2-1 ක ජයක් ලබාගත්හ.

ලකුණු 299 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය පිලේ නායකයා පිටියෙන් ඉවත් වන විට තරගයෙන් ජයගැනීම සඳහා පන්දු 38 කදී ලකුණු 57 ක් අවශ්‍යව තිබිණ. එහෙත් ඊළඟ ඕවරයේදී නේදන් ලයන්ගේ පන්දුවක් නරඹන්නන් අතරට යැවූ මහේන්ද්‍ර සිං දෝනි පිතිකරුවන් වෙත තිබූ පීඩනය අඩු කළේය.

ඇඩිලේඞ් ක්‍රීඩාංගණයේ තිබූ අධික උෂ්ණත්වයෙන් මහත් පීඩාවට පත්ව සිටියද තරගයෙන් ජයගන්නා තුරුම පසුබට නොවූ ඉන්දීය පිලේ හිටපු නායකයා, තරගයෙන් ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී ලබාගත යුතුවූ ලකුණු හත තනිවම  ලබාගත්තේ ජේසන් බර්නොෆ්ගේ පළමු පන්දුවම නරඹන්නන් අතරට යවමිනි.

අද දිනයේ ඇඩිලේඞ් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබිණ.

“හම්මෝ....යන්තම් ඇති.....හරිම අමාරු දවසක්. එම්.එස්ටත්  (දෝනි) මහන්සියි. ඒ නිසා අපට එක දවසක හොඳ විවේකයක් ඕනෑ කරනවා. ඊට පස්සේ මෙල්බර්න් ගිහින් ඊළඟ තරගයට සූදානම් වෙනවා” යයි තරගයෙන් පසුව කෝලි කීවේය.

පන්දු 112 ක් පුරා පිටියේ සිටි කෝලි හතරේ පහර 5 ක් සහ හයේ පහර දෙකකින් ඉනිම අලංකාර කළ නමුත් දැවී ගිය අවස්ථාවේදී ආපසු ක්‍රීඩාගාරයට ගියේ මහත් කණස්සල්ලෙනි. ජේයි රිචඞ්සන්ගේ පන්දුවකට කෝලි ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව ඩීප් මිට් විකට්හි සිටි ග්ලෙන් මැක්ස්වෙල් විසින් රැකගනු ලැබීමත් සමගම ඕස්ටේ්‍රලියානුවෝ සතුටින් උද්දාමයට පත්වූහ. එහෙත් දෝනි සටන අත නොහැරම ජහග්‍රහණය ලබන තුරුත් පිටියේ රැඳී සිටියේය.

තරගය නිමාවීමත් සමගම විස්තර විචාරකයන් කීවේ ඉන්දීය කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට්ට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වීමට නම් තවත් වසර හතරක් බලාසිටීමට සිදුවන බවයි. මහේන්ද්‍ර සිං දෝනිගේ අපේක්‍ෂාව මෙම වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමයි.

ලකුණු 131 ක් ලබාගත් ෂෝන් මාෂ්ගේ පිතිහරඹයට ස්තුති වන්නට ඕස්ටේ්‍රලියානුවෝ ඕවර 50 කදී ලකුණු 298 ක් ලබාගත්හ. ඊට පදනම දැමූ මාෂ් සහ ග්ලෙන් මැක්ස්වෙල් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 94 ක් එක් කළහ. මැක්ස්වෙල් පන්දු 37 කදී ලකුණු 48 ක් ලබාගත් අතර බුවනේෂ්වර් කුමාර් අගනා පන්දු යවීමක යෙදෙමින් කඩුලු 4 ක් දවාගත්තේය.
ඉන්දයාව සහ ඕස්ටේ්‍රලියාව අතර තුන්වැනි එක්දින තරගය 18 දින මෙල්බර්න්හිදී පැවැත්වේ.

ඕස්ටේ්‍රලියාව  - ඕවර 50 කදී කඩුලු 9 ට 298
(ඇලෙක්ස් කේරි 18, උස්මන් කවාජා 21, ෂෝන් මාෂ් 131, පීටර් හැන්ඞ්ස්කොම්බ් 20, මාකස් ස්ටොයිනිස් 29, ග්ලෙන් මැක්ස්වෙල් 48, නේතන් ලයන් නොදැවී 12, බුවනේෂ්වර් කුමාර් 45/4, මොහොමඞ් ෂාමි 58/3)

ඉන්දියාව - ඕවර 49.2 කදී කඩුලු 4 ට 299
(රෝහිත් ෂර්මා 43, ෂිකාර් ධවාන් 32, විරාට් කෝලි 104, අම්බටි රයියදු 24, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 55, දිනේෂ් කාර්තික් නොදැවී 25)


අදහස් (0)

ඉන්දියානුවෝ එක්දින තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.